නුවරට අපලයක්! PHOTOS I Sri Lanka Latest News

0
2


මහනුවර නගරයේ මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබේ.

පේරාදෙණිය කටුගස්තොට තැන්නේකුඹුර යන ප්‍රධාන පිවිසුම් මාර්ග හා නගරයේ ප්‍රධාන මාර්ග රැසක් මේ වන විට  පොලිසියට  පාලනය කර ගත නොහැකි අයුරින් රථ වාහන තදබදයට ලක් වී තිබේ.මේ නිසා ශ්‍රී දළදා මාළිගාව වන්දනා කිරීමට මෙන්ම දෛනික කටයුතු සඳහා පැමිණි ජනතාව හා මහනුවර   නගරය පසුකරමින් වෙනත් නගර වෙත යමින් සිටි ව්ශාල පිරිසක් දැඩි නොසන්සුන් තත්ත්වයට පත්වූහ.Sri Lanka Latest News

රථ වාහන රාජකාරි භාර නිළධාරින් රැසක් මැතිවරණ රාජකාරි වලට අනුයුක්ත කර සිටීමත් නගරයේ රථවාහන සැළැස්ම වෙනස් කරන බවට පූර්ව දැනුම් දීමක් සිදු කළ බව සදහන් වුවද ඒ පිළිබඳව රථ වාහන රියදුරන් හරිහැටි දැනුවත් වී නොතිබීමත් හේතුවෙන් මෙම අධික රථවාහන තදබදය හට ගෙන ඇත.

මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යෙදවන රථ වාහන ගාල් කිරීමට මහනුවර නාගරික රථගාල අද සිට දින තුනක් පුරා යොදා ගැනීම මේ තත්ත්වය උග්‍ර වීමට හේතුව බවට ජනතාවගෙන් චෝදනා එල්ල වන අතර නිවාඩු සති අන්තය ගෙවා සුපුරුදු පරිදි සිය දෛනික කටයුතු සඳහා නගරයට පැමිණි ජනතාව දස දහස් ගණනක් මේ හේතුවෙන් පීඩාවට පත් වූහ.

අප මේ පිළිබඳව කළ විමසීමේදී මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සදහන් කළේ නගරයේ රථ වාහන රාජකාරි කටයුතු භාර නිළධාරින් පිරිසක් මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බැවින් හා අතිරේක නිළධාරින් යෙදවීමට නොහැකි වීම නිසා මෙම තත්ත්වය හට ගෙන ඇති බවයි.ගමනාගමනය වෙනස් කළ මාර්ග වල රියදුරන් දැඩි අවිනීත ලෙස හා ඔවුන්ගේ වුවමනා පරිදි රිය ධාවනය කිරීමත් මේ තත්ත්වයට හේතු වී තිබෙන බවද ඒ මහතා පැවසීය .

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සදහන් කළේ තමන් යටතේ පාලනය කරන මැතිවරණ කටයුතු සඳහා පැමිණි වාහන සියල්ලම පාහේ මේ වන ඔවුන්ගේ රාජකාරි අවසන් කර අදාළ රථ නැවතුම්පොළ වල් තුල ගාල් කර ඇති බවයි.නාගරික රථගාල වසා තැබීම මෙම තදබදයට හේතු වූ වී ඇති බවද ඊට විකල්පයක් නොතිබුනු අතර අදින් පසු මෙම තදබදය අවසන් වනු ඇති බවද හෙතෙම සදහන් කළේය.

කැන්ඩි ප්‍රයිම් නිව්ස්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here