නුවරඑළිය නගරය සුරක්ෂිතයි – දිස්ත්‍රික් ලේකම්ගෙන් පැහැදිලි කිරීමක් 

0
2

නුවරඑළිය නගරය ජලයෙන් යටවූ බවට සමාජ මාධ්‍යවල පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසයි.

ඇය සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වූවත් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ගං වතුර තත්ත්වයක් වාර්තා නොවන බවය.

සමාජ මාධ්‍යවල නුවරඑළිය නගරය ජලයෙන් යට වු බවට අසත්‍ය පුවත් පල වී ඇති බවත්, එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් දිස්ත්‍රික් ලේකම්වරිය ප්‍රකාශ කළාය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ නිල්දණ්ඩාහින්න, මතුරට ඇතුළු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කරමින් අවශ්‍ය පියවර ගැනීමට නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවත්, හදිසි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා සියලු අංශ සුදානම් කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here