Tuesday, May 6, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් නුපුහුණු ගෘහ සේවිකාවන් විදේශගත කිරීමේ කෝටි 250ක වංචාවට සම්බන්ධ කාර්යාංශයේ නිලධාරීන් හයදෙනකුගේ...

නුපුහුණු ගෘහ සේවිකාවන් විදේශගත කිරීමේ කෝටි 250ක වංචාවට සම්බන්ධ කාර්යාංශයේ නිලධාරීන් හයදෙනකුගේ සේවය අත්හිටුවයි

0
2


Six Bureau officials involved in Rs. 250 million fraud involving sending unskilled domestic workers abroad suspended

ගෘහ සේවිකාවන් විදේශගතවීමට පෙර අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශගත කිරීම මගින් සිදු කර ඇතැයි කියන රුපියල් කෝටි 250ක පමණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් හයදෙනකුගේ සේවය මැයි 5 වැනිදා (ඊයේ) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව වාර්තා වේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව, 2022 වසරේ සිට 2024 අගෝස්තු මාසය දක්වා කාලය තුළ කාන්තාවන් 35,000කට ආසන්න පිරිසක් පළමු වරට ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී,


ඔවුන් විසින් අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුවෙන් වංචනික ලෙස නිදහස් කර ඇති බව අනාවරණය වී තිබේ.
මෙම අක්‍රමිකතාවය සිදු කර ඇත්තේ කෙසේද යන්න විමර්ශනයේදී හෙළි වී ඇති කරුණු අනුව, විදේශ රැකියා සඳහා පෙර කිසිදු අවස්ථාවක පිටත්ව නොගිය කාන්තාවන් සඳහා කූට ලේඛන සකස් කර, ඔවුන් මීට පෙර විදේශයන්හි රැකියා කර පළපුරුද්ද ලබා ඇති බවට සහතික ඉදිරිපත් කර, එම සහතික මත පදනම්ව පුහුණු අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇති බව පෙනී යයි. මෙම ක්‍රියාවලිය සඳහා එක් කාන්තාවකගෙන් රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ හතළිස් දහස දක්වා මුදලක් අයකර ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.
මෙලෙස පුහුණුව නොමැතිව විදේශගත වූ කාන්තාවන්ට රැකියාවේදී ඉතා අවදානම්සහගත තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි. තවද, පුහුණුව නොමැතිව විදේශ රටවල් වලට පිටත්ව ගිය ගෘහ සේවිකාවන් විවිධ හිංසාවන්ට හා අඩත්තේට්ටම්වලට ලක් වූ අවස්ථා ද රැසක් වාර්තා වී ඇත.
මෙම මූල්‍ය වංචාව හා අක්‍රමිකතාව පිළිබඳව සියලු තොරතුරු


අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරන බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මෙම වංචාව පිළිබඳව ප්‍රථම වරට මාධ්‍ය මගින් තොරතුරු හෙළිදරව් කර තිබූ බවත්, රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ද මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් සිදු කර තිබූ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සිද්ධීන් මත පදනම්ව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර, ඒ අනුව ඉහත සඳහන් නිලධාරීන් හයදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව පෙනී යයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here