නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු දෙහිඅත්තකණ්ඩියේදී අත්අඩංගුවට

0
12


දෙහිඅත්තකණ්ඩිය, නවගම ප්‍රදේශයේදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ අරලගංවිල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී නීති විරෝධීව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 543ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ. 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here