ඊයේ ( 03 ) රාත්‍රී යේ සෙට්ටිකුලම , මාන්කුලම් නගරයේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බීඩිකොළ කිලෝ ග්‍රෑම් 25 බැගින් වූ පාර්සල් 40 ක් අත්අඩංගුවට ගෙන තිබේ .
සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත එම වැටලීම සිදු කර තිබේ . බීඩිකොළ ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු කැබ් රථයක් හා කාර් රථයක් ද ඒ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරුවන් අවුරුදු 21,28, 40 හා 43 වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් ය .
සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Saru FM Media