නීති විරෝධි ලෙස රැස්කර තබා ගත් ඩීසල් ලීටර 19,060ක් පොලිස් භාරයට

0
3

පහල බියගම ප්‍රදේශයේ දී නීති විරෝධි ලෙස රැස්කර තබා ගන්නා ලද ඩීසල් ලීටර 19,060ක් අඩංගු බවුසර් රථ දෙකක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ කාර්යාංශයට ලද තොරතුරක් මත ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇති අතර මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 , 22 , 32 හා 42 වයස්වල පසුවන හෙයියන්තුඩුව තිහගොඩ හා නෙළුම්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් විසින් බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන් ගන්නා ලොරි රථ , ටිපර් රථ හා ප්‍රයිමුවර් රථ වැනි වාහනවලට මුදල් ලබාදී එම රථවල ටැංකිවලින් ඩීසල් ලබාගෙන තිබේ.

අනතුරුව ඔවුන් විසින් සකස් කර ඇති ටැංකිවලට ඒවා ගබඩා කර අලෙවි කර ඇති බවට විමර්ෂණවලදී අනාවරණය වී ඇත.

පොලිසිය සඳහන් කරන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී වාහනවලින් ඉන්ධන ලබා ගැනීමට යොදා ගත් මෝටර් සවිකර ඇති බට 2ක් බැරල් 16ක් සහ මුදලින් තුන්ලක්ෂ අසූඑක්දහසක් පොලිස් භාරයට ගෙන තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here