නීතිවිරෝධී බීඩිකොළ ජාවාරම පාලනය කිරීමට සාකච්ඡාවක්

0
2

නීතිවිරෝධී ලෙස බීඩිකොළ පාලනය කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා වී තිබේ.

නීතිවිරෝධීව මෙලෙස බීඩි කොළ රට තුළට ගෙන ඒම හේතුවෙන් රජයට අහිමිවන අදායම වැළැක්වීමට පියවර ගත යුතු බවත්, බීඩි කර්මාන්තයේ නියැලී සිටින පිරිස් ආරක්ෂා කිරීමටද පියවර ගත යුතු බවත් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී බීඩි නිෂ්පාදනය සඳහා භාවිත කරන කොළ ආනයනය කිරීමේදී බද්දක් අය කරන අතර නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විශාල කොළ ප්‍රමාණයක් රට තුළට ගෙන එන බවත් කාරක සභාවේදී අනාවරණය විය.

ඒ අනුව මෙය වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතත් නීතිවිරෝධී බීඩිකොළ හේතුවෙන් රජයට ලැබිය යුතු බදු ආදායමට බලපෑම් එල්ල වී ඇතැයිද නිලධාරීන් පෙන්වා දී තිබේ.

මෙය වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු විවිධ ක්‍රම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර කර්මාන්තයේ නියැලී සිටින පිරි නීතිවිරෝධී ලෙස බීඩිකොළ රටතුළට ගෙන ඒම වැළැක්වීමේ අවශ්‍යතාවද කාරක සභාව විසින් අවධාරණය කෙරිණි.

මීට අමතරව නීතිවිරෝධීව බීඩිකොළ භාවිත කරමින් බීඩි කර්මාන්තයේ නියැලෙන අයගෙන් රජයට ලැබිය යුතු බදු අයකර ගැනීමට නොහැකි බැවින් මෙය වැළැක්වීමට සහ රජයට සුදුසු බදු ආදායමක් උපයා ගැනීමට යාන්ත්‍රණයක් සකස් කරන ලෙසද කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම රැස්වීම සඳහා කරක සභා සාමාජිකයින් වන රුවන් රණසිංහ, එරංග වීරරත්න, නිශාන්ත ජයවීර, චතුරංග අබේසිංහ, යන නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, ආචාර්ය නන්දන මිල්ලගල, තිළිණ සමරකෝන්, නීතීඥ නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්වීම් මෙන්ම ශ්‍රි ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ නාවික හමුදාවේ නිලධාරීන් රැසක් ද සහභාගී වී ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here