නීතිවිරෝධීව බැංකොක් සිට මෙරටට සර්පයින් ගෙනා කෙසෙල්වත්තේ ව්‍යාපාරික කත මාට්ටු

0
6

නීතිවිරෝධී ලෙස මෙරටට සර්පයින් රැගෙන ආ කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට සහ සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ‘අද දෙරණ’ ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

සැකකාරිය නීතිවිරෝධී ලෙස සර්පයින් 06 දෙනෙකු ගුවන්තොටුපොළ හරිත මාවත ඔස්සේ පිට කිරීමට උත්සහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාව මෙම සර්පයන් තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදීගෙන ඇති අතර ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ සූක්ෂම ලෙස මෙම සර්පයන් සඟවා මෙරටට රැගෙනවිත් ඇති බව සඳහන්ය.

‍සැකකාරිය කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.

ඇය විසින් කහ ඇනකොන්ඩා, බෝල් පයිතන්, ස්පෙකල්ඩ් කින්ග් ස්නේක් සහ හොන්ඩියුරානු කිරි සර්පයා යන විවිධ වර්ගවල සර්පයින් 06 දෙනෙකු මෙලෙස රැගෙනවිත් තිබේ.

මෙම සර්පයන් අලෙවි කිරීම සඳහා ඇය රැගෙන විත් තිබූ අතර පසුකාලීනව එම සර්පයින් මෙරට වනාන්තර සහිත ප්‍රදේශ වෙත මුදා හැරීම හේතුවෙන් මෙරට පරිසර පද්ධතියට දැඩි අහිතකර බලපෑමක් ඇති වන බව ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පවසයි.

ගුවන් යානයක් තුළ මෙවැනි ජීවී සතුන් රැගෙන ඒම නීතිවිරෝධී මෙන්ම අතිශය අනතුරුදායක ක්‍රියාවක් වන අතර මේ පිළිබඳ එම සතුන් රැගෙන ආ ඉන්ඩිගෝ ගුවන් සේවයේ නිලධාරීන් කැඳවා දැඩි ලෙස අවවාද කර රේගු විමර්ශනවලින් පසුව මෙම සර්පයන් ආපසු රැගෙන යන ලෙස ද රේගු නිලධාරීන් නියෝග කර තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here