නීතිවිරෝධීව කොතලහිඹුටු ශාක කොටස් සන්තකයේ තබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

0
9


නීතිවිරෝධී ලෙස කොතලහිඹුටු ශාක කොටස් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු බොක්කාවල, වරකාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා මහනුවර කඳවුරේ නිලධාරීන් සහ බොක්කාවල පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී කොතලහිඹුටු ශාක කොටස් කිලෝ 255යි ග්‍රෑම් 400ක් සොයාගෙන තිබෙනවා.  

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 60ක් වන වරකාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බොක්කාවල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here