නීතිවිරෝධීව ඉන්ධන රැසක් කළ අයෙකුට සිර දඬුවම්… – Saru News | සිංහල

0
7

නීතිවිරෝධී අයුරින් ඉන්ධන තොගයක් සන්තකයේ තබා ගනිමින් ලොරි රථයකින් ඉන්ධන ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට රුපියල් දෙදහස් පන්සියයක දඩයක් සහ මාස දෙකක අනිවාර්යය සිර දඬුවම් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (19) නියෝග කර තිබේ.

මෙලෙස අනිවාර්ය සිර දඬුවම් නියමව ඇත්තේ, ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය.

වැල්ලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන තොගයක් ලබා ගත් බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව පසුගිය 18 වනදා රාත්‍රීයේදී අදාළ ඉන්ධන පිරවුම්හල අසළදී මෙම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

අනතුරුව සැකකරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුගේ ලොරි රථයේ තිබී රුපියල් 20,000ක් පමණ වටිනාකමින් යුත් පෙට්‍රල් ලීටර 65ක් පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here