නීතිඥවරයෙකු ඝාතන සිද්ධියේ සැකකරුවන් අද අධිකරණයට!

0
1

රෂිකා හෙන්නායක; පෙබරවාරි 18 කොළඹ LNW :

ඉකුත් සිකුරාදා (13) අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිදුකළ පරීක්ෂණයන්ට අනුව ඝාතන සැකකරුවන් ඝාතනයෙන් පසුව සිය ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

පසුව පොලිස්පතිවරයාගේ උපදෙස්මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් පත්කළ අතර සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 16වනදා පස්වරුවේ ඝාතනය සඳහා වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ සොහොයුරන් දෙදෙනකු කොට්ටාවේදී අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔවුන් දෙදෙනා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (17) ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවිය.

මේ අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඊයේ (17) පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී පොල්ගස්ඕවිට ‘ඩිලා’ නැමැත්තෙකුද අත්අඩංගුවට ගෙන තිබුණි .

ඔහුගේ උපදෙස් මත අදාළ තරුණයන් දෙදෙනා ගිනිඅවි ප්‍රවාහනය කළ බවත් ඒ සඳහා ‘ඩිලා’ නැමැත්තාද එක්ව ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

The post නීතිඥවරයෙකු ඝාතන සිද්ධියේ සැකකරුවන් අද අධිකරණයට! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here