නීතිඥවරයාගේ ඝාතනයේ සියලු සැකකරුවන් හඳුනාගැනේ!

0
3

රෂිකා හෙන්නායක පෙබරවාරි 17, කොළඹ LNW :

ඉකුත් දා, අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සියලු සැකකරුවන් මේ වනවිට හදුනාගෙන ඇති බව පොලීසිය පවසයි. එම ඝාතනවලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ දිනයේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

සහෝදරයන් දෙදෙනෙකු වන එම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ කොට්ටාව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී වන අතර, අදාළ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවි එම සැකකරුවන් විසින් මෝටර් රථයකින් ප්‍රවාහනය කර ඇති බව අනාවරණ වී ඇත.

ඒ අනුව අදාළ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ. මෙතෙක් සිදුකළ විමර්ශන හමුවේ මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් මේ වනවිට හදුනාගෙන ඇති බව පොලීසිය පැවසීය.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ, ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පත් කෙරුණු පොලිස් කණ්ඩායම් 12හි නිලධාරීන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

The post නීතිඥවරයාගේ ඝාතනයේ සියලු සැකකරුවන් හඳුනාගැනේ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here