ටෙලි නාට්‍ය නිළියකගේ නිවසේ ඇති කරන රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා සුරතල් සුනඛයා සොරකම් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් තරුණයකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහර වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රසන්න විමලරත්න මහතා 21 වැනිදා නියම කළේය.
තවද එම සුනඛයා රුපියල් ලක්ෂ දෙකක බැඳුම්කරයක් මත පැමිණිලිකාර ටෙලි නාට්‍ය නිළියට මුදා හැරීමට ද වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙළේය. හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙසේ ශරීර ඇප මත මුදා හැරිණි.
මෙහිදී බියගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් සුසන්ත මහතා (35328) අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය. බියගම ප්‍රදේශයේ පදිංචි ටෙලි නාට්‍ය නිළියකගේ නිවසේ සුරතල් සුනඛකයෙක් ඇති කරනවා. එම සුනඛයා රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනවලු. ඉකුත් සෙනසුරාදා ( 21 වැනිදා ) උදේ එම සුනඛයාට කෑම දෙන්නට බලන විට සුනඛයා සිටියේ නැහැ. ඒ නිසා ඇය නිවසේ තිබෙන සී.සී.ටී වී. කැමරාවල රූපරාමු නිරීක්ෂණය කරලා. එවිට තරුණයකු ත්‍රීරෝද රථයකින් සුනඛයා රැගෙන යන බව දැකලා තියෙනවා. පසුව ඇය විසින් මේ සිද්ධිය පොලිසියට පැමිණිලි කළා. ඒ අනුව විමර්ශන කර හෙයියන්තුඩුව ප්‍රදේශයේ නිවෙසක සිටියදී එම සුනඛයා හා තරුණයා එම ත්‍රීරෝද රථයත් සමග අත් අඩංගුවට ගත්තා. වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් මස 09 වන දිනට කල් තැබිණි. බියගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් සුසන්ත මහතා (35328) විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ සුදර්ශන වික්‍රමරත්න මහතා පෙනි සිටියේය.
දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති
Saru FM Media