බොහෝ යුවතියන් සාරී ඇඳීම හරිම කරදරයක් ලෙසටය් සළකන්නේ. මෙයට හේතුවී ඇත්තේ සාරී ඇඳීමට නොදැනුවත්කම සහ සාරිය ඇඟට අපහසු ඇඳුමක් ලෙස සැළකීමයි. නමුත් සාරියකින් නිවැරදිව හැඩවන ආකාරය පිළිබඳව දනුවත්විමෙන් පසු ඔබට ඉතාමත් පහසුවෙන් සාරියක් ඇඳගැනීමට හැකිවනු ඇත.
පළමුවෙන්ම සාරිය දකුණු පස සිට ඇඳීම ආරම්භ කරන්න. කඩදාසි කැබැල්ලක් රැඳවූ ලොකු හැට්ට කටුවකින් යට සායට සාරිය රඳවාගන්න. ඉන්පසු වරක් ඉන වටා සාරිය ආවරණය කර ඉදිරියට ගන්න.
ඔබට අවශ්‍ය ප්‍රමාණයට රැළි තබා පොට සකසාගෙන වම් උරහිසට දමා පොට රඳවා ගැනීමට හැට්ට කටුවක් යොදාගන්න.
ඉන්පසු ඔබේ සාරියේ ඉදිරිපස කොටස පිළිවෙලට අවශ්‍ය දිග ප්‍රමාණයට අනුව රැළි (pleats) තබාගන්න. රැළි තැබීමේදී අඟල් 5ක් පමණ පළලට ගන්න. පිළිවෙලට රැළි තබා ඔබේ නාභියට වම් පසින් යට සාය ඇතුළට යටකර ලොකු කටුවක් ගසාගන්න. හැකි නම් එම කටුව පිටතට නොපෙනෙන සේ ඇතුලතිනි ගසා ගන්න.
බොහෝ දෙනෙක් සාරිය අඳිනුයේ උකුලටය. එය තම පෙනුමට එතරම් ලස්සනක් එක්කරන්නේ නැත. යට සාය ඇඳීමේදී දණහිසට රැලි තැබූ සායක් තෝරා ගැනීම තුළින් ඔබේ ශරීරයේ හැඩය තවත් ඉස්මතු කොට පෙන්වයි. නැතිනම් යෙදූ යටසායක් වූවත් කදිමට ගැලපෙනවා. උකුලත් සමඟ යට සාය එකට තදවිය යුතුයි. එසේ නොවුණහොත් සාරිය කෙතරම් කටු ගසා රැඳවුවද එහි පොට උඩට තෙරපේ. සමහරක් දෙනා ඉණට එකක් දමා ගැට ගසන යටසායවල් අඳී. එයින් ඇඟේ හැඩය වෙනස් වීමට හැක. විනිවිද නොපෙනෙන සාරියක් නම්, ඔබේ ශරීරයේ හැඩය තවත් ඉස්මතු කොට පෙන්වීමට යටසායක් වෙනුවට legging එකක් වූවත් භාවිතාකල හැක.
බලන්න මොන තරම් ලෙහෙසියෙන් කිසිවෙකුගේ උදව්වක් නොමැතිව, තනියෙන්ම සාරිය ලස්සනට අඳින්න හැකිද කියා.
– කල්හාරී –
Saru FM Media