නිවැරදිව මයික්‍රෝවේව් අවන් එකක් භාවිතා කරන්නෙ කොහොමද ?

0
13


මයික්‍රෝවේව් අවන්, එහෙමත් නැතිනම් ක්ෂුද්‍ර තරංග උදුන් කියන්නේ අපේ රටත් ඇතුළුව ලෝකය පුරාම පාවිච්චි කරන මුළුතැන් ගෙයි උපකරණයක් විදිහට හදුන්වන්න පුලුවන්.

පසුගිය කාලවලදී මෙවාවල නරක ප්‍රතිඵල ගැන සැහෙන්න කට කතා පැතිරැණා. කොහොම උනත් ඉක්මනින්ම හා සරලව කෑම පිසින්න වගේම කෑම එක රත් කරගැනීමේ හැකියාවක් මයික්‍රෝවේව් අවන් එකේ තියෙන නිසා කවුරුත් මෙය භාවිතයට ඉතා කැමතියි.

මේක ගැන කතා කරන්න අපි මයික්‍රෝවේව් උදුනක් ක්‍රියා කරන හැටි ගැන අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. මයික්‍රෝවේව් අවන් එකක් කියන්නේ ඇත්තටම සුවිශේෂී සංඛ්‍යාතයක් තියෙන රේඩියෝ තරංග නිකුත් කරන උපකරණයක්. මේ සඳහා යොදා ගන්න විකිරණය අයනීකාරක වෙන්නේ නැහැ, ඒ කිව්වේ පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න තරම් ශක්තියක් මයික්‍රෝවේව් තරංගවල නැහැ.

මෙතනදී ආහාර රත් වෙන්න හේතුව අනුනාදය කියන සංසිද්ධියයි. ජල අණු වල තියන ස්වභාවික සංඛ්‍යාතය තමයි මේ මයික්‍රෝවේව් තරංග වලට තියෙන්නේ. ඉතින් ඒවා ගැටුණු ගමන් ජල අණු සහ මේද අණු කම්පනය වෙන්න පටන් ගන්නවා. මේ අණු එක මත එක ඇතිල්ලීම නිසා තමයි තාපය හට අරගෙන කෑම රත් වෙන්නේ.

නමුත් අයනීකරණය කියන දේ සිදු කරන්න පුළුවන් විකිරණ පවා අපි අවට තියනවා. . මේවා පමණට වඩා ඇඟට වැටුණොත් පිළිකා පවා ඇති වෙන්න පුළුවන්. වාසනාවකට මයික්‍රෝවේව් තරංග වලින් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපේ දෘශ්‍ය ආලෝකයටත් වඩා මයික්‍රෝවේව් හරිම දුර්වලයි.

කොහොම වුණත් අයනීකරණය වගේම හානිදායක වැඩක් මයික්‍රෝවේව් කිරීමෙන් සිදු වෙන්න ඉඩ තියනවා. ඒක තමයි ජල අංශු කම්පනය වීම නිසා ව්‍යුහයේ සිදු වන වෙනස් කම්. පරමාණුවල වෙනස් කම් සිදු නොවුණත් සංයෝගවල වෙනස් කම් සිදු වෙන්න පුළුවන්. මයික්‍රෝවේව් කරපු කෑමක රසය වෙනස් වෙන්නේ මේ වගේ හේතු නිසා. විශේෂයෙන්ම ප්‍රෝටීන බහුල මස් මාළු වගේ ආහාරවල මේ විදිහට රස වෙනස් වෙන එක ඉක්මනින් සිදු වෙනවා.

ගෙදර තියන මයික්‍රෝවේව් අවන් එක විසි කරන්න කියන එක නෙවෙයි. හදිස්සිම වේලාවකදී කෑමක් රත් කර ගන්න ඒක පාවිච්චි කරාට වරදක් නැහැ. ඒත් නිතර පාවිච්චි කරන්න ගියාම අනවශ්‍ය ගැටළු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බැරිම වෙලාවක පාවිච්චියට ගන්න විතරක් මයික්‍රෝවේව් අවන් එක තියා ගන්න. පුළුවන් හැම වෙලාවකම සාමාන්‍ය විදිහට රත් කරපු කෑම කන්න පුරුදු වෙන්න.

ගෘහණියන්ට එය ඉතා සරල පරීක්ෂණයකින් ගෙදරදීම පරීක්ෂා කර ගන්න පුළුවන්.ඒ සඳහා ඔබ කළ යුත්තේ අත පිසදමන ටිෂූ කඩදාසියක සමාන කැබලි දෙකක් ගෙන ඒවා ජලයේ පොඟවා ඉන් එකක් මයික්‍රෝ තරංග උදුනේ දොර ළඟින් ද අනෙක උදුනට ඈතකින් වෙනත් ස්ථානයකින් සමාන පරිසර තත්ත්ව යටතේ තබා එම ටිෂූ දෙක වියෙළෙන ආකාරය (වියළෙන සීග්‍රතාව) අධ්‍යයනය කිරිමයි. එම ටිෂූ දෙක එකම කාලයක් තුළ එකම ආකාරයට වියළීමට ලක් වේ නම් උදුනෙන් මයික්‍රෝ තරංග කාන්දු නොවේ.

නමුත් මයික්‍රෝ තරංග උදුනේ දොර පියන ආශ්‍රිතව ඇති ටිෂූ කැබැල්ල අනෙකට වඩා ඉක්මනින් වියැළේ නම් මයික්‍රෝ වෙව් උදුනෙන් මයික්‍රෝ තරංග කාන්දු වනවා. මෙය ශරීරයට ඉතා අහිතකරයි. (උදුන අසල තබන ටිෂූ කොළය අවශය නම් උදුනේ ඕනෑම පැත්තකින් තබා මෙම පරීක්ෂණය සිදු කළ හැක.)

මයික්‍රෝ වේව් උදුනෙන් මයික්‍රෝ තරංග කාන්දු වේ නම් ඒ සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද?

මයික්‍රෝ උදුන මිල දී ගත් ආයතනය වෙත ගොස් උදුනෙන් මයික්‍රෝ තරංග කාන්දු වෙන බව පවසා ඔවුන්ගේ සේවා ආයතනය වෙත යැවිම

උදුන මිලදී ගත් ආයතනයට සේවා ආයතනයක් නොමැති නම් රටේ ප්‍රසිද්ධ සේවා ආයතනයක් ලවා එය පරීක්ෂා කොට එහි අඩංගු වරද නිවැරැදි කර ගැනීම කළ හැකියි

වෙළෙඳ පොළේ නමක් දිනූ මයික්‍රෝ උදුන් භාවිතයෙන් මෙලෙස සිදුවිය හැකි කාන්දු වීම් අවම කරගත හැකියි

ආහාරයක් ඉතාම ඉක්මනින් තැම්බීම
බැඳීම, රත්කිරීම සිදු කළ හැකියි.

එලෙසම කාර්යක්ෂම වන අතර කාලය ඉතිරි වනවා

ආහාරයේ විෂ බීජ සියයට අනූවක්ම විනාශ වීම සිදු වනවා

ආහාරයේ පෝෂණය (Nutrition) කිසියම් ප්‍රමාණයකින් අඩුවෙනවා.

ඉතා ඉක්මණින් ඉදෙන නිසා ආහාරය රසයෙන් අඩුවෙනවා.

බටහිර වෛද්‍ය විද්‍යාත්මක මතය අනුව මයික්‍රෝ තරංග මඟින් ජලය ඉවත් කරන නිසා මයික්‍රෝ උදුනකින් මයික්‍රෝ තරංග පිටතට කාන්දු වුවහොත් එය මිනිසුන්ගේ ශරීරයට අහිතකර වනවා.

විශේෂයෙන්ම මොළයේ සෛල විනාශවීම සිදුවිය හැකියි.

ඊට අමතරව ශරීරයේ අනෙක් අවයවයන් වෙත ගමන් කරන මයික්‍රෝ තරංග හේතුවෙන් ශරීරයේ සෛල හෝ රුධිරයේ ඇති රතු රුධිරාණු විකෘති විය හැකියි.

එබැවින් මයික්‍රෝ තරංග උදුනක් භාවිතා කරන විට උදුනෙන් මයික්‍රෝ තරංග පිට නොවන බව නිතර පරීක්ෂා කොට තහවුරු කර ගැනීම අනිවාර්යයයි



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here