නිවාඩුව තවත් රසවත් කරගනිමු

0
8


විශේෂ අමුත්තන්ගේ කෑම මේසයට සුදුසු මේ ආහාරය ප්‍රධාන ආහාර වේලට පළමුව ගැනීම සඳහා සකසන ලද සලාදයක්. ආහාර වේලකට පළමුව මෙවැනි සලාදයක් ගැනීමෙන් පසු සුප් එකක්, කුඩා බන් එකක්, බටර් සමග ආහාරයට ගන්න පුළුවන්. මේ සියල්ලට පසු ප්‍රධාන ආහාර වේල අනුභව කල හැකියි. සාමාන්‍යයෙන් බටහිර අවන්හලකදී මේ ක්‍රමය අනුගමනය කලත් ඊට වෙනස් ලෙස ඔබේ රුචිකත්වය පරිදි අවස්ථාවට උචිත ලෙස මෙය ආහාර වේලට එකතු කරගත් හැකියි.

ලොකු ඉස්සන් සමග අලිගැට පේර සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ලොකු ඉස්සන් ග්‍රෑම් 500
  • ඉදුණු අලිගැට පේර ගෙඩි බාගයක්
  • කුඩාවට කපාගත් සැල්දරි  මේස හැඳි 1
  • සිහින්ව කපාගත් උළුහාල් කොළ තේ හැඳි 2
  • පෙති කපාගත් බොත්තම් බිම් මල් ග්‍රෑම් 100
  • අයිස් බර්ග් සලාද කොළ අඟලේ කැට කපා
  • ලුණු හා ගම්මිරිස් අවශ්‍ය රසයට
  • මෙයෝනිස් සෝස් මිලි ලීටර් 150
  • දෙහි යුෂ තේ හැඳි 1
  • රතු ඇපල් ගෙඩි 1 (කැට කපා)
  • පාස්ලි ඉත්තක්
  • චිලී සෝස් තේ හැඳි 1(පැණි සහ ඇඹුල් රසයෙන් යුත් ටුබැස්කෝ සෝස් ගැනීමට හැකිනම් වඩාත් සුදුසුයි)

සාදන ක්‍රමය:

ඉස්සන් ශුද්ද කර තම්බන්න. ඉන්පසු දෙකට කපන්න. අලි ගැට පේර කැට කපන්න. මේ වර්ග දෙක බඳුනකට දමා එයට ඇපල් සැල්දිරි, උළුහාල් කොළ, බිම්මල්, අයිස් බර්ග් සලාද කොළ, මෙයෝනිස් සෝස්, දෙහි යුෂ, ලුණු, ගම්මිරිස් සහ සෝස් මිශ්‍ර කර පාස්ලි ඉත්තක් ගසන්න. දැන් මේසයට යවන්න. වෙනස් රසයක වෙනස් කෑමක රසය සතුටින් විඳගන්න .

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here