නිවසේ බිත්ති මේ විදියට පිරිසිදු කර ගනිමු.

0
14


නිවසක බිත්ති අපිරිසිදු වෙලා තියනවා කියන්නේ ඒ මුල නිවසටම ලොකු අවලස්සනක් එකතු වෙනවා. ඉතින් නිවසක් ලස්සනට තියාගන්න නම් බිත්තිත් අනිවාර්යයෙන්ම ලස්සනට තියාගන්න වෙනවා.ඒ ගැන මේ ලිපියෙන් අපි කතා කරමු

කුඩා දරුවන් සහ සුරතල් සතුන් නිවසක නම් බිත්ති පිරිසිදුව තියාගන්න එක ටිකක් අපහසු වැඩක්.නමුත් එය ඔබ අනිවාර්යයෙන්ම පිරිසිදු කරන්න ඕන අංගයක්.පියවරෙන් පියවර නිවැරදිව ඒක කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු

බිත්ති පිරිසිදු කරන්න ඔබට මිළ අධික විශේශ දේවල් අවශ්‍ය වෙන්නේ නෑ.නිවසේ තියන දේවල් වලින්ම ඔබට මේක කරන්න පුලුවන්

සබන් දියර
වතුර
පිරිසිදු කපු රෙදි කඩක්
වතුර හොඳින් උරාගන්නා රෙදි
දූවිලි පිසින බුරුසුවක්
බේකිං සෝඩා
හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්

බිත්ති පිරිසිදු කිරීමේ මූලික පියවර හැටියට ඔබ මුලින්ම බිත්ති වල තියන දූවිලි ඉවත් කරන්න ඕනේ.ඒ සඳහා ආධාරකයක් සවි කල දූවිලි පිසින බුරුසුවක් ඔබට පාවිච්චි කරන්න පුලුවන් . බිත්තියෙ මෙන්ම බිත්ති කොන්වල ඇති දූවිලි සහ මකුණු දැල් සියල්ල ඔබ හොඳින් ඉවත් කර ගත යුතුයි

බිත්ති සේදීමට පෙර ඒවාට ආලේප කර ඇත්තේ මොන වගේ තීන්ත වර්ගයක්ද කියාත් ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා.බොහෝ තීන්ත වර්ග ආලේප කල බිත්ති සෝදා පිරිසිදු කරන්න පුලුවන් උනත් සමහර තීන්ත වර්ග ආලේප කල පසු එසේ කල හැකි වන්නේ නෑ.
මෙහිදි ඔබ මද උණුසුම් වතුර භාවිතා කරනවා නම් වඩාත් සුදුසු වෙනවා.මද උණුසුම් වතුර බාල්දියකට සබන් දියර හෝ පිඟන් සෝදන සබන් දියර එකතු කර මිශ්‍ර කරන්න.ඉන්පසුව හොඳින් වතුර උරාගන්නා රෙදි කඩක් ගෙන එහි පොගවා ගන්න.
පසුව බිත්ති සැරසිල්ලක් පිටුපස හෝ වැඩිපුර නොපෙනෙන තැනක එම රෙදි කඩින් පිසදා මුලින්ම පරික්ශා කරගන්න.ගැටලුවක් නැත්නම් ඔබට ඉන්පසුව බිත්ති පිරිසිදු කිරීම ආරම්භ කරන්න පුලුවන්

සබන් දියර මගින් බිත්ති පිරිසිදු කිරීම මෘදු පිරිසිදු කිරීමක් පමණයි.පැච් පරික්ශාවෙන් පසු ඔබ පිරිසිදු කිරීමට අවශ්‍ය බිත්තියේ කෙලවරක සිට පිරිසිදු කිරීම ආරම්භ කල යුතුය.බිත්තිය මුදුනේ සිට සැහැල්ලු ,රවුම් චලිත ආකාරයෙන් මෙම පිරිසිදු කිරීම කරගන්න ඔබ මතක තබාගන්න ඕනේ.කිසි විටකත් වැඩි පීඩනයක් යොදා මේ පිරිසිදු කිරීම කරන්න එපා

බිත්ති මත විවිධ පැල්ලම් ඇතිවීම නතර කරන්න පුලුවන් දෙයක් නම් නෙමෙයි.මේ පැල්ලම් ඉවත් කරන්න පුලුවන් හොඳම විසඳුමක් තමයි බේකිං සෝඩා කියන්නේ.
බේකිං සෝඩා කෝප්ප බාගයක් පමණ වතුර කෝප්පයක් සමග මිශ්‍ර කර පේස්ට් එකක් සාදාගන්න.බිත්තියේ පැල්ලම් සහිත තැන් වලට එය ආලේප කර මෘදුව අතුල්ලන්න.විනාඩි කීපයක් තියෙන්නට හරින්න.ඉන්පසුව සාමාන්‍ය වතුරෙන් පෙඟවූ රෙදි කඩකින් එය පිරිසිදු කරන්න

බිත්ති වල ඇති පැල්ලම් ඉවත් කිරීමට තවත් හොඳ ක්‍රමයක් තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ.සබන් දියර වල පෙඟවු රෙදි කඩකට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ස්වල්පයක්ද එකතු කරන්න.එයින් පැල්ලම මෘදු ලෙස කීප වරක් පිසදමන්න

මෙය නම් ඒ තරම් අපහසු දෙයක් නෙමෙයි.පිරිසිදු රෙදි කඩක් සාමාන්‍ය වතුරෙන් පොඟවා කවාකාරව බිත්ති පිරිසිදු කරන්න ඔබට පුලුවන්

ඔබ සෝදා පිරිසිදු කල බිත්ති ඉක්මනින් වියළීමත් සිදු කල යුතුයි .ඒ සඳහා ජනෙල් සහ කවුලු විවෘත කර තැබීම වගේම විදුලි පංකාවක් ක්‍රියාත්මක කර තැබීම ඔබට කරන්න පුලුවන්

ඔබ බිත්ති වලට ආලේප කිරීම සඳහා තීන්ත තෝරා ගැනීමේදි ඉහල ගුණාත්මක බාවයකින් යුතු තීන්ත තෝරාගන්න සැලකිලිමත් වෙන්න.ඒ විතරක් නෙමෙයි පිරිසිදු කරන්න පහසු තීන්ත වර්ග මිළදී ගන්නත් අමතක කරන්න එපා

දින තුනකට වරක් වත් දූවිලි පිසින බුරුසුවක් ආධාරයෙන් බිත්ති වල රැඳෙන දූවිලි සහ මකුණු දැල් පිරිසිදු කර ඉවත් කරන්න ඔබ වග බලාගන්න

දොරවල් අසල , විදුලි ස්විච් වටා බිත්ති නිතර අපිරිසිදු වීම වළක්වන්න පුලුවන් දෙයක් නෙමෙයි.ඒ නිසා ඒ වගේ ස්ථාන සතිපතා වත් පිරිසිදු කරන්න උනන්දු වෙන්න

බිත්තිය මත කුමන ආකාරයක හෝ පැල්ලමක් ඇතිවුනා නම් ඒ අවස්ථාවේදීම එය පිරිසිදු කරන්න ඔබ මතක තබාගන්න.කල් ගතවී ඒවා ඉවත් කරන්න ඉතා අපහසු වෙනවා.ඒ නිසා ඒ මොහොතේම ඒවා ඉවත් කිරීම ඔබට පහසුවක් ගෙන දෙනවා

මේ ක්‍රම මගින් ඔබේ නිවසේ බිත්ති පිරිසිදු කරගන්න වගේම ඒවා ඉතා ලස්සනට පවත්වාගෙන යන්නත් ඔබට පුලුවන් .ඉතින් ඔබේ නිවසේ ප්‍රධාන සාධකයක් වන බිත්ති පිරිසිදු කිරීම ඔබට තවදුරටත් ප්‍රශ්නයක් නොවේවි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here