නිවසේ පොළවේ ඇති තද පැල්ලම් යවා දීප්තිමත් ගෙබිමක් ලබා ගන්නා ක්‍රම

0
20


නිවසක් පිරිසිදු කරනකොට ඒ පිරිසිදු කිරීම් අවසානයේදි ඔබ අනිවාර්යයෙන්ම පිරිසිදු කරන්න ඕන අංගයක් තමයි නිවසක පොළව කියන්නේ.මේ ලිපියෙන් ඔබට කියන්නේ නිවසේ පොළව හරියාකාරව පිරිසිදු කරන විදිය ගැනයි.

ලී, ටයිල්,ටෙරාසෝ , ග්ටැනයිට් කියන ඕනෑම අමුද්‍රව්‍යයකින් ඔබේ නිවසේ ගෙබිම සකසා තියන්න පුලුවන් . මේ කවර අමුද්‍රව්‍යයකින් ඔබේ නිවසේ ගෙබිම සකසා තිබුනත් මේ ලිපියෙන් අපි කතා කරන්නෙ කොහොමද ඔබේ නිවසේ පොලව හරියට පිරිසිදු කර ගන්නෙ කියල .

නිවැසියන් එහා මෙහා යනවිට වගේම ,යම් යම් දේවල් හැලීම නිසාත් නිවසක පොළව අපිරිසිදු වෙන්න පුලුවන්. ගෙබිම නිමා කර ඇති අමුද්‍රව්‍ය වලට හානි නොවන අයුරින් මෙය පිරිසිදු කිරීම ඉතා වැදගත්.ඒ විතරක් නෙමෙයි පොළවේ කුණු ඉවත් කිරීම සහ සේදීම යන දෙකටම එකම වතුර බාල්දිය භාවිතා කිරීමත් ගෘහණියන් කරන ලොකු වරදක්. එයින් පොළවේ තියන නොපෙනෙන කුණු හා විශබීජ නිසියාකාරව ඉවත් වන්නේ නම් නෑ.
ඒ නිසා අපි බලමු දීප්තිමත් සහ පිරිසිදු පොළවක් ලබාගන්නෙ කොහොමද කියලා

ගෙබිම පිරිසිදු කරන්න ඔබ මොප් එකක් තෝරගන්නකොට එය ඔබේ ගෙබිම නිමා කර ඇති ආකාරය අනුව තෝරගන්න ඕනේ.ඉතා තද කෙදි සහිත මොප් එකක් සුමට පොළවකට ගැලපෙන්නෙ නෑ.එයින් පොළවට හානි පැමිණෙන්න පුලුවන් .ඒ නිසා ඒ ගැනත් ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න.ඒ වගේම මොප් එකක් තෝරගන්නකොට බාල්දියක් සහිත මොප් එකක් තෝරගත්තොත් වැඩි වතුර මුදාහරින්න ඔබට පහසු වෙන්න පුලුවන්

මෙය ඔබේ අවශ්‍යතාවය අනුව සහ ඔබේ නිවසේ පොළව මත ඔබ තෝරාගන්න ඕනේ.විවිධ මාදිලියේ නිශ්පාදන වෙළඳපලේ තියෙන නිසා ඔබ නිශ්පාදන මිළදි ගන්න කලින් හොඳින් සොයා බලන්න අමතක කරන්න එපා

පලවෙනි පියවර

ගෙබිමක් පිරිසිදු කරන පලවෙනි පියවර තමයි හොඳින් අතුගෑම.මෙහිදි නිවසේ ඇති බඩු ,පුටු සහ වෙනත් ගෘහ භාණ්ඩ හොඳින් එහා මෙහා කර අතුගා ගැනීම ඉතාම වැදගත්.වැකුම් ක්ලීනර් එකක් ඔබ භාවිතා කරනවා නම් මුලු වල ඇති දූවිලි පවා හොඳින් ඉවත් කරගන්න ඔබට පහසුයි.දූවිලි සහ කුණු ඉවත් කරගැනීම බොහෝම වැදගත් අංගයක්. මොකද ඔබ මොප් කරන වෙලාවට දූවිලි රැඳිලා තිබ්බොත් පොළව මඩ වෙන්න පුලුවන්

පිරිසිදුකාරක සූදානම් කරගැනීම

ඊළඟ පියවර හැටියට ඔබ ගෙබිම පිරිසිදු කරගන්න අවශ්‍ය පිරිසිදුකාරකය සූදානම් කරගන්න ඕනේ.ඔබට මේ සඳහා මද උණුසුම් වතුර බාල්දියක් සූදානම් කරගන්න පුලුවන් නම් වඩාත් හොඳයි. මද උණුසුම් වතුර බාල්දියකට සබන් දියර හෝ වෙනත් පිරිසිදුකාරකයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඒ වගේම ඔබ මතක තබාගන්න ඕනේ හොඳ ප්‍රතිඵල ලබාගන්න හිතාගෙන සබන් දියර හෝ විශබීජ නාශක අධි මාත්‍රාවක් වතුරට එකතු කරන්න යන්න එපා.ඔබ ගන්න නිශ්පාදන වල දී ඇති උපදෙස් හැමවෙලාවෙම පිළිපදින්න ඔබ සැලකිලිමත් වෙන්න

මොප් එක

ඔබ සූදානම් කරගත් සබන් වතුර බාල්දියේ මොප් එකේ කෙඳි සහිත කොටස ගිල්වා හොඳින් පොඟවන්න. ඊට පස්සේ වැඩි වතුර මුදාහැරගන්න.අනවශ්‍ය විදියට වතුර පොළවට වැටුනොත් එයිනුත් පොළව තව අපිරිසිදු වෙන්න පුලුවන් වගේම වියළීමේ කාලයත් දීර්ඝ වෙනවා

ආරම්භය

දැන් ඔබට පොළව මොප් කිරීම ආරම්භ කරන්න පුලුවන් .එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට බොහොම ඉවසීමෙන් මේක ඔබ කරන්න ඕන

තද පැල්ලම්

තද පැල්ලම් හෝ වෙනත් මොනයම් හෝ පැල්ලමක් පොළව මතුපිට තියනවා නම් ඔබට කිහිප වරක් ඒ ස්ථානය මොප් කරන්නට සිදුවෙනවා.බිත්ති කොනක් හෝ මොප් කරන්න අපහසු වෙනත් ස්ථානයක් නම් ස්පෝන්ජ් එකකින් උනත් ඔබට මේ දේ කරන්න පුලුවන් .ඉතාම තද පැල්ලමක් නම් බේකිං සෝඩා සහ ලෙමන් වැනි දෙයක් භාවිතා කරන්න ඔබට පුලුවන්. ඒ වගේම ටයිල් පොළවේ දාරවල තද දුඹුරු පැහැ කුණු රැඳිලා තියනවා නම් කුඩා බ්‍රශ් එකක් ආධාරයෙන් ඒවා ඉවත් කරන්නත් ඔබට පුලුවන්

ඊළඟ පියවර

ඔබට අවශ්‍ය කොටස ඔබ මොප් කලාට පස්සේ මොප් එක කිහිප වරක් හොඳින් සෝදා පිරිසිදු කරගන්න ඕන.ඒ වගේම මොප් එකෙන් ජලය ඉවත් කරගන්නත් අමතක කරන්න එපා

අවසන් සේදීම

සබන් දියර වතුරෙන් පොළව මොප් කලාට පස්සේ ඔබ බාල්දිය හොඳින් සෝදා නැවත එයට පිරිසිදු මද උණුසුම් වතුර එකක් පුරවලා කලින් වගේම පිරිසිදු කරපු මොප් එක එහි ගිල්වලා වැඩි වතුර මුදාහරින්න ඕන.ඊට පස්සේ සබන් දියරෙන් මොප් කරපු පොළව පිරිසිදු වතුරෙන් හොඳින් මොප් කරගන්න

වියළීම

සම්පූර්ණ ගෙබිම පිරිසිදු වතුරෙන් මොප් කරගත්තට පස්සේ ඔබ ජනෙල් දොරවල් ඇරලා පොළව හොඳට වියළෙන්නට හරින්න ඕන.හැකි නම් විදුලි පංකාවක් දාලා තියන්නත් ඔබට පුලුවන්.
ඊට පස්සේ මේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට ඔබ භාවිතා කරපු මොප් ,ස්පොන්ජ් සහ බාල්දි ඇතුලු හැමදේමත් හොඳින් හෝදලා පිරිසිදු කරලා තද අව්වේ වියළාගන්න අමතක කරන්න එපා

අපි මේ ඔබට කිව්වේ පොළව පිරිසිදු කිරීමේ සාමාන්‍ය ක්‍රියාවලියක්.විවිධ නිවෙස් වල තියෙන්නේ විවිධාකාර අමුද්‍රව්‍ය වලින් නිමකළ පොළවක් නිසා ඒවා නිසි පරිදි පිරිසිදු කිරීම ඉතා වැදගත්

උණුසුම් ජලය බාල්දියකට සුදු විනාකිරි කෝප්ප 1/4 ක් සහ ලෙමන් යුශ හෝ essential oil බිංදු දහයක් පමණ එකතු කර ඉහත ක්‍රියාවලියට අනුව මොප් කරන්න
ඔබේ ලී පොළවට අමතර දීප්තිමත් බවක් ලබා ගැනීමට නම් උණුසුම් ජලය බාල්දියකට ඔලිව් තෙල් කෝප්ප 3/ 4 ක් සහ ලෙමන් යුශ කෝප්ප 1/2 ක් එකතු කර පිරිසිදු කරන්න

ටයිල් පොළව ඉක්මනින් අපිරිසිදු වෙනවා වගේම නිසි පරිදි පිරිසිදු නොකලොත් දුර්වර්ණ වෙනවා

උණුසුම් ජලය බාල්දියකට සුදු විනාකිරි කෝප්ප 1/ 4 ක් , බේකිං සෝඩා 1/ 4 සහ පිඟන් සෝදන සබන් දියර තේ හැඳි එකක් එකතු කර මොප් කරන්න.

ග්‍රැනයිට් පොළවක් පිරිසිදු කිරීමට හොඳම ක්‍රමය ලෙස සැලකෙන්නේ මෘදු පිඟන් සබන් දියර සහ ජලයයි.
තද පැල්ලම් සහිත ප්‍රදේශ වලට බේකිං සෝඩා සහ විනාකිරි වලින් පේස්ට් එකක් සකසා ආලේප කර පිරිසිදු කිරීම සුදුසු වෙනවා.

බ්ලීච් හො ඇමෝනියා වැනි රළු රසායනික ද්‍රව්‍ය කිසිවිටකත් ඔබේ ග්‍රැනයිට් පොළව පිරිසිදු කිරීමට භාවිතා කරන්න එපා

උණුසුම් වතුර සහ සබන් දියර මිශ්‍ර කර ටෙරාසෝ පොළවක් පිරිසිදු කර ගන්න පුලුවන්
ඒ වගේම පැල්ලම් ඇති ස්ථාන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පෙඟවූ රෙදි කඩකින් කීප වරක් පිස දමා පිරිසිදු කරගන්නත් ඔබට පුලුවන්

නිවසට ඇතුලු වෙන හැමතැනකම පාපිසි තියන්න.ඒ වගේම ඒ පාපිසි දවසට වරක් වත් හොඳින් ගසන්න වගේම සතිපතා පිරිසිදු කරන්නත් අමතක කරන්න එපා

සපත්තු රාක්කයක් නිවසට ඇතුලු වන තැන තිබ්බට වරදක් නෑ. ඒකෙන් නිවසට එන අමුත්තන්ට සපත්තු ගලවා තියන්න පහසුවක් වගේම සපත්තු වල තියන අනවශ්‍ය කුණු පොළවේ ගැටෙන්නෙත් නෑ.ඒ වගේම සපත්තු මගින් නිවස ඇතුලට කුණු දූවිලි ඇතුල් වෙන එකත් වැළකෙනවා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here