පැළ හදන්න කැමති අකමැති අය ඉන්නව වුනත්, කොළ පාට පිරුණු ගහක් කියන්නේ ඕනෑම කෙනෙක්ගෙ හිත එක තත්පරෙන් නිමන්න, සනසන්න පුළුවන් ස්වභාවධර්මයේ හරි අපූරු නිර්මාණ වලින් එකක්නේ.
උද්‍යාන වල සහ ගෙවත්තේ මල් සහ පැළෑටි වැවීමෙන් ඔබ්බට ගිහිල්ල ටිකෙන් ටික නිවෙස් ඇතුළත කොළ පාට පැළයක් හදන්න අපි තීරණය කරෙත් පැළයක් කියන්නේ ඇසට සහ මනසට ඖෂධයක් තරම්ම වටින දෙයක් නිසයි.
මනස සන්සුන් කරන්න වගේම නිවසේ තියෙන ඉඩපාඩු සහිත ස්ථාන වල හිස්තැන පුරවන්නත් නිවසේ වාතය පිරිසිදු කරන්නත් නිවසේ අභ්‍යන්තරයේ වවන ශාක වලින් ලැබෙන්නෙ අසීමිත සහයක්.
ඔන්න එහෙනම් දැනටමත් නිවසේ indoor plants හදන සහ හදන්න බලාපොරොත්තු වෙන ඔබට ගැළපෙන ලිපියක් අරගෙනයි smart lady අපි අද මේ ඔබව හමුවෙන්නෙ.
එහෙනම්, අපි බලමු මේ කාලයේ ජනප්‍රිය indoor plants වර්ග මොනවද කියල?
Parlor Palm
සතියකට සැරයක් හෝ දෙසැරයක් පමණක් වතුර දැමීම ප්‍රමාණවත් වුනත් parlor palm ශාකයේ පත්‍ර වලට නිතර නිතර ජලය ඉසීම/ ස්ප්‍රේ කිරීම මඟින් ශාකයේ පෙනුම සහ ප්‍රාණවත් බව ඉතාම හොඳින් ආරක්ෂා වෙනව වගේම මධ්‍යම සහ තද ආලෝකයක් අවශ්‍ය නමුත් කෙළින්ම හිරු එළිය නොවැටෙන ස්ථානයක තැබීමත් ඉතාම වැදගත්.
Aloe vera
Aloe vera එහෙමත් නැත්නම් කෝමාරිකා කියන්නෙ අපි කවුරුත් හොඳින්ම දන්න මිලදී ගන්න වගේම වගා කරන්නත් වැඩි මුදලක් වැය නොවෙන නමුත් ඉතා හොඳ පෙනුමක් නිවස අභ්‍යන්තරයට ලබාදෙන්න පුළුවන් ශාකයක්.
කෝමාරිකා කියන්නෙ දීප්තිමත් ආලෝකයට ඉතාමත් ප්‍රිය කරන ශාකයක් වුනත් නිවස අභ්‍යන්තරයේ කෙළින්ම සූර්‍යාලෝකය නොවැදෙන ස්ථානයක තියල පැළය සාදා ඇති පස් මිශ්‍රණය වියළි වූ පසු පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් බව තමයි සඳහන් වෙන්නෙ.
Fiddle leaf tree
විශාල සහ පළල් පත්‍ර සතිත fiddle leaf tree ශාකයත් ඉතාම ජනප්‍රිය indoor plants විශේෂයක් විදිහට හඳුන්වන්න පුළුවන්.
දින 07 කට හෝ 10 කට වතාවක් වතුර දැමීම ප්‍රමාණවත් වීමත් කෙළින්ම සූර්‍යාලෝකය වැටෙන හෝ නොවැටෙන නමුත් දීප්තිමක් ආලෝකයක් සහිත ස්ථානයක තැබීමට සුදුසු නිසාත් fiddle leaf tree කියන්නෙ වැඩි කරදයක් නැතුව හදාගන්න පුළුවන් indoor plants වර්ග අතරින් එකක් කියල හඳුන්වන්න පුළුවන්.
Money tree
කාලයක් ශ්‍රී ලංකාව පුරා මේ ශාකය ප්‍රසිද්ධ වුනා ඔබට මතකද?
සෞභ්‍යායේ සහ සශ්‍රීකත්වයේ සංකේතයක් විදිහට හඳුන්වන්න පුළුවන් ඉතාම අලංකාර ශාකයක් වන මේ money tree හිරු එළිය කෙලින්ම නොවැටෙන සහ දීප්තිමත් ආලෝකයක් සහිත ස්ථානවල තියන්න පුළුවන් වගේම සතියකට හෝ දෙකකට වරක් වතුර යෙදීම ප්‍රමාණවත් කියලත් සඳහන් වෙනවා.
Philodendron
ආදරයේ ශාකය කියල ග්‍රීක භාෂාවෙන් නම් ලබල තියෙන මේ philodendron ශාකයේ පත්‍ර ඇත්තටම හදවතේ හැඩයට ඉතාම සමානයි.
සතියකට හෝ සති දෙකකට වතාවක් පමණක් වතුර යෙදීම ප්‍රමාණවත් වගේම මධ්‍යම සහ තද හිරු එළිය කෙලින්ම නොවැටෙන ස්ථානයක තැබීමටත් ඉතාම සුදුසු ශාකයක් විදිහටයි හඳුන්වන්නේ.
ඔබ සුරතලයට බල්ලන් හෝ පූසන් නිවසේ ඇතිකරනවා නම් philodendron ශාකය ඔවුන්ගෙන් ඈත් කර තැබීම නම් අනිවාර්‍යයි. ඒ මොකද, ඒ ශාකය ඔවුන්ට විෂ බවට සොයාගෙන තිබෙනව කියලත් සඳහන් වෙනවා.
Chinese Evergreen
Aglaonema කියලත් chinese evergreen ශාකය හඳුන්වනව ඔබට ඇහිල ඇති.
විවිධ වර්ණ වලින් දකින්න පුළුවන් වැඩි කරදරයක් නැති chinese evergreen ශාකය බල්ලන්ට සහ පූසන්ට විෂ සහිතයි කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි.
දින 05 කට හෝ 10 කට වතාවක් පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් වගේම අඩු හෝ දීප්තිමක් සූර්‍යාලෝකය කෙළින්ම නොවැටෙන ස්ථානයක තැබීමට වඩා සුදුසු ශාකයක් විදිහටත් chinese evergreen ශාකය හඳුන්වන්න පුළුවන්.
String to Pearl
String to pearl කියන්නෙ හරිම ලස්සන හරිම වෙනස් පෙනුමක් තියෙන ශාකයක්.
තෙතමනය අඩු පසක වවන්න පුළුවන්, සති දෙකකට හෝ තුනකට වරක් පමණක් වතුර යෙදීම ප්‍රමාණවත් උදෑසන පැය දෙකක් පමණ සූර්‍යාලෝකයට කෙළින්ම නිරාවරණය වෙන විදිහට තියල දවසේ අනිත් වෙලාවල් වලදී හෝ සම්පූර්ණ දවසම දීප්තිමත් ඒත් හිරු එළිය කෙළින්ම නොවැටෙන ස්තානයක මේ හුරුබුහුටි පැලෑටිය තියන්න ඔබට පුළුවන්.
Peace Lily
කොළ පාට විතරක් දකිනවට වඩා කොළ පාට ශාකයේ මල් පිපිල තියෙනවත් දකින්න කැමති ඔබට peace lily කියන්නෙ හොඳම විසඳුමක්.
දීප්තිමක් සූර්‍යාලෝකය කෙළින්ම නොවැටෙන ස්ථානයක තියල සතියකට වතාවක් වතුර යෙදුවොත් නිතරම මල් හටගන්න හොඳ peace lily ශාකයක් ඔබට හදාගන්න පුළුවන්.
Saru FM Media