නිවසේදී ම කොණ්ඩය ස්වභාවික ව කලු කරන පැක්

0
15


ඔයාගේ කොණ්ඩය දැන් ටික ටික සුදු වෙනවා වගේද? එතකොට අනිවාර්යයෙන් ම කොණ්ඩය කළු කරන්න ඔයාට හිතෙනවා ඇති. ඒත් කෘත්‍රිම ද්‍රව්‍ය වලින් කොණ්ඩය ඩයි කරන්න ඔබ අකමැති නම් ස්වභාවික ද්‍රව්‍ය වලින් හෙයා ඩයි පැක් හදලා බලමුද?  ඔබේ පෞරුෂය වඩාත් ඔප් නංවන්න කොන්ඩයත් හේතු වෙන නිසා මේ පැක් එක ඔයාට ගොඩක් වැදගත් වෙයි.

මේ පැක්වලින් ඔයාට වඩාත් පහසුම පැක් එක පාවිච්චි කරලා බලන්න. මේ ඕනෑම සත්කාරයකට කලින්  ෂැම්පු පමණක් දමා කොණ්ඩය සෝදන්න.මේවා උදෑසන 8 – දවල් 2 අතර කරන්න වග බලා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය 

කරපිංචා කොළ යුෂ

නෙල්ලි යුෂ

සාදා ගන්නා අන්දම

යුෂ එකට මිශ්‍ර කර හිසේ ගල්වන්න

පැයක් පමණ තබා හිස සෝදා හරින්න

බීට් රූට් අලයක්

ස්වභාවික හෙනා කුඩු (ඇමෝනියා රහිත)

කෝපි කුඩු

බිත්තර 

යෝගට්

ඔලිව් තෙල්

සත්කාරය කරන අන්දම

බීට් අල‍ය හොඳින් ස්ටීම් කරන්න

බීට් නිවුණු විට බ්ලෙන්ඩ් කර යුෂ ලබා ගන්න

ඒ මිශ්‍රණයට හෙනා කුඩු එකතු කරන්න.

එය ශීතකරණයේ පැය එකහමාරක් තබන්න

එයට යෝගට්,බිත්තර, ඔලිව් තෙල් එකතු කරන්න.

හිසේ ආලේප කරන්න. ෂවර් කැප් එකකින් හිස ආවරණය කරන්න.

පැය දෙකකට පමණ පසු සාමාන්‍ය ජලයෙන් සෝදන්න

කන්ඩිෂනර් පමණක් ආලේප කරන්න

හිස වේලෙන්නට හෙයා ඩ්‍රයර් භාවිතා කරන්න එපා.

අවශ්‍ය ද්‍රව්‍ය 

අලිගැටපේර

යෝගට් 1

බිත්තර 1

විටමින් ඊ

ඔලිව් තෙල්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here