නිවසට කරදරයක් වූ හූනන් පළවා හරින ස්භාවික ක්‍රම

0
10


හූනන් කියන්නේ ගෘහාශ්‍රිතව දැකිය හැකි ඉතාම සුලභ සත්ත්ව විශේෂයක්.සාමාන්‍යයෙන් හානිකර නොවන හූනන් දැකීමට පවා බොහෝ දෙනා අප්‍රිය කරනවා.අපි මේ ලිපියෙන් ඔබට කියන්නේ කරදරකාරී හූනන් පලවා හරින ක්‍රම ගැනයි.

හූනන් ඉවත් කර නැවත පැමිණීම පැමිණීම වළක්වා ගැනීම සඳහා යොදාගත හැකි හොඳම උපක්‍රමයක් ලෙස මෙය සැලකෙනවා.කළු ගම්මිරිස් කුඩු ස්වල්පයක් වතුරට එක්කර සාමාන්‍යයෙන් ඔබේ නිවසේ හූනන් සිටින ස්ථාන වලට හොඳින් ඉසින්න.විශේෂයෙන්ම රාත්‍රී කාලයේ දී ඔබ ඔබේ මුළුතැන්ගෙය පිරිසිදු කර අවසානයේ දී මේ උපක්‍රමය භාවිතා කරන්නට ඔබට පුළුවන්

ලූණු සහ සුදු ලූණු සාමාන්‍යයෙන් පිටකරන තද සුවඳට හූනන් පලවා හැරීමේ හැකියාව තිබෙනවා.හූනන් ගැවසිය හැකි නිවසේ අඳුරු මුලුවල මේවා තැබිය හැකියි.අවශ්‍ය නම් ඒ මතින් කරාබු නැටි ද තැබිය හැකියි.නිවස පිරිසිදු කර අවසානයේදී මේ උපක්‍රමය භාවිතා කර දිනකට වරක් හෝ දින දෙකකට වරක් මේවා ඉවත් කරන්නට පුලුවන්

ඔබේ නිවසේ ඇති තෙත් අවකාශයන් වල හූනන් ගැවසීම සහ බෝවීම වැඩි වශයෙන් සිදුවිය හැකිය.විශේෂයෙන්ම ජල කරාමය අවට මෙය සිදුවිය හැකි අතර ඔබේ ජල කරාම අවට කබඩ් සවිකර තිබේ නම් ඔබ එම ස්ථාන අනිවාර්යයෙන්ම පිරිසිදුව තබා ගත යුතු වෙනවා.පිරිසිදු කිරිමට අමතරව එම කබඩ් තුළට වාතාශ්‍රය පැමිණීමට සැලැස්වීමෙන් ද හූනන් බෝවීම වළක්වා ගත හැකිය.

ඔබේ නිවසේ කුඩා දරුවන් හෝ සුරතල් සතුන් නිතරම එහා මෙහා නොයනවානම් හූනන් පලවා හැරීම සඳහා කපුරු බෝල භාවිතා කරන්නට ඔබට පුළුවන්.අල්මාරිවල, මුලුතැන්ගේයි ලාච්චුවල, නිවසේ අඳුරු ස්ථානවල ,සින්ක් යට ,කැබිනට් වල සහ රාක්ක වල කපුරු බෝල තැබීමෙන් හූනන්ගෙ කරදරයෙන් මිදෙන්න ඔබට හැකියාව තියෙනවා.ඒ වගේම එම ස්ථාන තෙත් සහිත ස්ථාන නොවීමටත් ඔබ වගබලා ගත යුතුයි

ඔබ කසල බඳුනට දමන බිත්තර කටු වලින් නිවසේ හූනන් පලවා හරින්නට පුළුවන් බව දැන සිටියාද ? බිත්තර කටු වලින් වහනය වන සුවඳ හූනන්ට ඉවසිය නොහැකි බව පැවසෙනවා.හොඳින් වේලා ගත් බිත්තර කටු මුළුතැන්ගෙයි තෝ නං ගැවසිය හැකි අඳුරු ස්ථානවල තැබීමෙන් ඔබට වඩා හොඳ ප්‍රතිඵල දැකගන්නට පුළුවන් වේවි

හූනන් බෝවිය හැකි තවත් ප්‍රධාන සාධකයක් ලෙස ඉතිරි වූ ආහාර සැලකෙනවා.රාත්‍රියේ දී නිවසේ ඉතිරි වන සියලු ආහාර සහ කසල නිවසින් බැහැර කරන්නට ඔබ වගබලා ගත යුතුයි.අනෙක් විශේෂම කාරණාව නම් ඔබ කසල බැහැර කරන විට පියන හොඳින් වැසිය හැකි කසල බඳුනක් භාවිත කරනවානම් වඩා සුදුසුය

හූනන් ජීවත් ජීවත්වීම සඳහා වඩාත් ප්‍රිය කරන්නේ උෂ්ණත්වය සහිත දේශගුණයකය.එම නිසා ඔබේ නිවසේ පවතින උෂ්ණත්වය පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් වැදගත් වනවා.දහවල් කාලයේදී ජනෙල් දොරවල් හොඳින් නැව තබා නිවසට වාතාශ්‍රය පැමිණීමට සැලැස්වීම මගින් යම් තරමක් දුරට ඔබේ නිවසේ පවතින උෂ්ණත්වය අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

කුරුල්ලන් හට හූනන් ඉතා බිය වන අතර ඔබේ නිවසේ හූනන් ගැවසෙන ස්ථානවල කුරුලු පිහාටු එල්ලා තැබීමෙන් හූනන් පැමිණීම වළක්වා ගත හැකිය.එසේත් නොමැති නම් පිහාටු වලින් සකස් කළ විසිතුරු බිත්ති සැරසිලි වුවත් හූනන් පලවා හැරීම සඳහා ඔබට භාවිතා කළ හැකියි.

මෙවැනි උපක්‍රම භාවිතා කිරීම මගින් ගෘහණියන් බොහෝ දෙනෙකුට ඇති පොදු ගැටළුවක් වන හූනන්ගේ කරදරයෙන් අත් මිදීමට හැකි වෙනවා.මීට අමතරව නිතරම ඔබගේ මුලුතැන්ගෙය සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීමද අනිවාර්යයෙන්ම කළ යුතුයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here