Saturday, May 10, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් නිවසක සිරකළ 12 දරුවා පැනයාමට ජනේලෙන් පැන බරපතල තුවාල ලබයි

නිවසක සිරකළ 12 දරුවා පැනයාමට ජනේලෙන් පැන බරපතල තුවාල ලබයි

0
14


12-year-old-boy-trapped-in-house-escapes-by-jumping-out-of-window-seriously-injured

කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පීර් සයිබු වීදියේ නිවසක සිරකර තිබූ අවුරුදු 12ක දරුවෙකු පැනයාමට දෙවන මහලින් පහළට පැන බරපතල ලෙස තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
ඊයේ 13 වන ඉරිදා දහවල් කාලයේදී සිදුවූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් තුවාල ලැබූ දරුවා කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, දැනට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති තොරතුරු අනුව, මෙම දරුවා එදින තම නිවසේ සිට අසල්වැසි කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ පීර් සයිබු වීදියේ පිහිටි වෙළඳසැලකට පැමිණ ඇත. එම වෙළඳසැල අසල පිහිටි තෙමහල් නිවසක යකඩ ගේට්ටුවට මෙම දරුවා තට්ටු කිරීම හේතුවෙන් නිවසේ සිටි පුද්ගලයෙකු කෝපයට පත්ව සිටි බවත්, ඉන්පසු එම පුද්ගලයා දරුවා බලහත්කාරයෙන් අල්ලාගෙන නිවස තුළට ඇදගෙන ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.
දරුවා නිවස තුළට ගෙන ගිය පුද්ගලයා ඔහුව දෙවන මහලේ කාමරයක සිර කර ඇති අතර, බියට පත් දරුවා එම කාමරයේ ජනේලයක් විවෘත කරගෙන බිමට පැනීමට උත්සාහ කර ඇත. මෙම උත්සාහයේදී ඔහු බරපතල ලෙස තුවාල ලබා ඇත.

පොලිසිය සඳහන් කරන පරිදි, ප්‍රධාන සැකකරු දැනට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, අපරාධයට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන වයස අවුරුදු 59ක කොළඹ 12 ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසෙල්වත්ත පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන අතර, පලා ගිය ප්‍රධාන සැකකරු සොයා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බවද වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here