නිවසක දේපළ සොරකම් කළ සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට

0
15


මොරටුව ප්‍රදේශයේ නිවසක දේපළ සොරකම් කළ සැකකාරියන් තිදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරියන් තිදෙනා ඉකුත් 24 වන දින අදාළ නිවසට ඇතුළු වී එහි තිබූ රුපියල් හය ලක්ෂ 39,000ක මුදලක් සොරකම් කර ඇති බවට ලැබී තිබූ පැමිණිල්ලක් අනුව එම සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඊයේ දහවල් කොරළවැල්ල සහ මොරටුවැල්ල ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී එම සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරියන් තිදෙනා අවුරුදු 33 හා 47 යන වයස්වල පසුවන කොරළවැල්ල සහ මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පොලීසිය පැවසුවේ.

එම කාන්තාවන් විසින් සොරාගන්නා ලද දේපළවලින් කොටසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.    



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here