නිවසක් බිඳ දේපොළ සොරකම් කළ සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට

0
13


නිවසක් බිඳ දේපොළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මාර්තු 24 වනදා මොරටුව පොලිස් වසමේදී නිවසකට ඇතුළුවී තිබූ කාන්තාවන් තිදෙනෙකු නිවසේ තිබූ රුපියල් 639,000ක මුදලක් සොරකම් කර තිබූ බවට පොලීසිය පැමිණිල්ලක් ලැබී තිබුණා.

මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකාරියන් තිදෙනෙකු මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඊයේ (03) දහවල් මොරටුව පොලිස් වසමේ කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරියන් අවුරුදු 33 හා 47 යන වයස්වල පසුවන කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකාරියන්.

සොරා ගන්නා ලද දේපලවලින් කොටසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here