නිල සංචාරය නිමා කරමින් මෝදි තමිල්නාඩුව බලා පිටත්ව යයි

0
9


තෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පෙරවරුවේ දිවයිනෙන් පිටව ගියා.

ඒ, අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩුව බලා පිටත්ව ගිය බවයි තොරතුරු වාර්තා වුණේ.

තමාගේ සංචාරයේදී ලබා දුන් උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ශ්‍රී ලංකා රජයට තමන් බෙහෙවින් කෘතඥ වන බවයි දිවයිනෙන් පිටතව යෑමට පෙර සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ.

එමෙන්ම ජාතීන් දෙක අතර ගැඹුරු සංස්කෘතික, අධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරික සබඳතා මෙම සංචාරය තුළ නැවත තහවුරු කර ඇති අතර, එය නිසැකවම ද්විපාර්ශ්වික සබඳතාවලට ශක්තියක් එක් කරනු ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය එක්ස් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ ඉදිකළ ඉන්දියාවේ පළමු සිරස් එසවුම් දුම්රිය මුහුදු පාලම විවෘත කිරීමට මෝදී අග්‍රාමාත්‍යවරයා අද (06) පස්වරුවේ එක්වීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here