මෙරට නිල විදෙස් සංචිත වත්කම් ප්‍රමාණය සියයට 3.5 කින් අඩුවී ඇතැයි වාර්තා වේ.
ඉකුත් පෙබරවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 7,270 ක්ව පැවැති නිල සංචිත වත්කම්, මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 7,019 ක් දක්වා අඩුවී තිබේ.
මෙම නිල සංචිත වත්කම්වලට චීන මහජන බැංකුව සමග වන විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළත්ය.
මහ බැංකුවේ රන් සංචිත ඉහළට
කෙසේවුවද, මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.
ඉකුත් පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 200 කව පැවැති රන් සංචිත, මාර්තු මාසය වන විට එක්සත් ජනපද ඩොලර් 222 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අනුව, පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී රන් සංචිත ප්‍රමාණය සියයට 10.8 කින් (දහයයි දශම අට) ඉහළ ගොස් තිබේ.
📌සබැඳි පුවත්
Saru News
















