කෙස් කළඹ කියන්නෙ ඔබට ලස්සන පෙනුමක් ලබා දෙන්න අත්‍යවශ්‍යම දෙයක්. දිගු කෙස් කළඹක් ලබා ගන්න වගේම කෙස් කළඹ ලස්සනට තියාගන්නත් අපි නොයෙකුත් දේවල් අත්හදා බලනවා. විවිධ තෙල් සත්කාර , හෙයා මාස්ක් සත්කාර ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඉතිං අද අපි කියලා දෙන්න යන්නේ විශ්මිත ප්‍රථිපල තියෙන ඔයාගේ කොණ්ඩය ඉක්මනින් වවා ගන්න පුළුවන් අලිගැටපේරවලින් hair mask එකක් හදාගන්න විදිය.
අලිගැටපේරවල ස්වාභාවික තෙල් සහ බහු අසංතෘප්ත මේද අම්ල අඩංගු වනවා .ඉතා හොඳ මොයිස්චරයිසින් ගුණයකින් සහ පෝෂ්‍යදායී ගුණයෙන් ද යුක්ත වනවා .ඒ නිසා සියලුම හිසකෙස් ගැටළුවලට අලිගැටපේර හරහා හොඳ සත්කාරයක් ලැබෙනවා. විශේෂයෙන් වියළි අපිළිවෙල හිස කෙස් සඳහා මෙය ඉතාමත් යෝග්‍ය වනවා.
මෙම පළතුරෙහි විටමින් බහුල වන නිසා එය හිස්කබල පෝෂණය කරමින් නිරෝගී, දිළිසෙන කෙස්කළඹක් ලබා දෙනවා. අලිගැට පේර යනු බයෝටින් වල විශිෂ්ට ප්‍රභවයක් වන අතර, මෙම ඇති Bවිටමින් හිසකෙස් වඩාත් සෞඛ්‍ය සම්පන්නව වර්ධනය වීමට උපකාරී වනවා.
අලිගැටපේරවල ඇති පොටෑසියම් සහ මැග්නීසියම් ඇතුළු ඛනිජ වර්ග නිසා හිසකෙස්වලට සිනිඳු හා දිළිසෙන පෙනුමක් ලබා දෙමින් එය කැඩීම වළක්වා ගත හැකියි.හිස කෙස්වල ශක්තිමත් භාවය වැඩිදියුණු කරයි.
පළමුව හොදින් ඉදුණු අලිගැටපේර ගෙඩිය බ්ලෙන්ඩර් කර ගන්න
පසුව එයට ඔලිව් තෙල් මේස හැඳි 2, මී පැණි තේ හැඳි 2 සහ පොල් කිරි කෝප්ප භාගය එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න
පාවිච්චි කරනේ කොහොමද ?
සකසා ගත් අලිගැටපේර මිශ්‍රණය හොඳින් පීරා ගත් කොණ්ඩයේ ගාන්න.(හිස්කබලට සහ හිස කෙස්වලට හොඳින් කාවදින පරිදි)
පසුව shaver cap එකකින් හොඳින් හිස ආවරණය කර පැයක් පමණ තබා ගන්න.
පැයකට පසුව කොණ්ඩය හොඳින් සෝදා කන්ඩිෂනර් කර ස්වභාවිකව වේලෙන්න ඉඩ හරින්න .
මෙම සත්කාරය ඔබ සතියකට සැරයක් සිදු කරන්න
උදෑසන කාලයේ මෙම සත්කාරය සිදු කිරීම වඩාත් යෝග්‍යයි
මෙම සත්කාරය ඔබත් සිදු කර දිදුළන නිරෝගී දිගු කෙස් කළඹක හිමිකාරිනියක් වන්න
Saru FM Media