නිරිතදිග මුහුදෙන් ඇල්ලූ ධීවර යාත්‍රාවේ කිලෝ 300කට අධික හෙරෙයින් – වටිනාකම බිලියන 06ක් – Saru News | සිංහල

0
2

විදෙස් බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී දී ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර සැකකරුවන් 06 දෙනෙකු සමග සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් තිබී සොයා ගෙන ඇත.

එහි වීදි වටිනාකම රුපියල් බිලියන 06 පමණ වන බවද පැවසේ.

අද (01) උදෑසන අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙ ඒමෙන් පසු සිදු කළ පරීක්ෂණවලින් එහි උර 298ක මෙම මත්ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වූ බව නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ පවසයි.

මෙම ධීවර යාත්‍රාව ලාංකික බහුදින යාත්‍රාවක් බවත් එහි සිටි සැකකරුවන් 06දෙනා සහ සන්නිවේදන කටයුතු සඳහා භාවිත කළ සන්නිවේදන උපකරණයද අධිකරණයට ඉදිරිපත් කරන බව නාවික හමුදාපති පවසයි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here