නිර්මාංශ ස්පගේටි බොලොංඤේස් (Vegetarian Spaghetti Bolognase)

0
10


අවශ්‍ය ද්‍රව්‍ය:

  • පිසගත් ස්පගේටි 500g
  • සෝයා මීට් කුඩා කැබලි 600g
  • තක්කාලි (චොප් කරගත්) 500g
  • තක්කාලි පේස්ට් ‍කෝප්ප 1/2
  • සැල්දිරි (කුඩාවට කැපූ) දඬු 1
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1
  • ළූණු ගෙඩි 1
  • සුදු ළූණු බික් 2
  • කැරට් අල (කුඩාවට කැපූ) 1
  • චිකන් ස්ටොක් 1 1/2L
  • ලුණු රස පදමට
  • ඔලිව් තෙල්  10ml

සාදන ක්‍රමය

භාජනයක් ලිප තබා එයට ඔලිව් තෙල් දමා රත්වන්නට හරින්න. දැන් එයට ළූණු සුදු ළූණු දමා සුවඳ එනවිට කැරට්, සැල්දිරි, චොප්කරගත් තක්කාලි, තක්කාලි පේස්ට් හා චිකන් ස්ටොක් දමා හොඳින් උතුරවා ගන්න. එයටම ලුණු ගම්මිරිස් දමා රස පදම සකසා ගන්න.

මේ අතර සෝයා මීට්, නටන ජලයෙහි බහා විනාඩි 5ක් පමණ තබා හොඳින් මිරිකා පෙරා ගන්න. දැන් සෝයා මීට් කැබලි කුඩාවට කැපෙන සේ හොඳන් චොප් කරගන්න. ඉහත සකසාගත් සෝස් මිශ්‍රණයට චොප්කරගත් සෝයා මීට් එක්කර යන්තම් උකු වන විට ලිපෙන් බා ගන්න.

දැන් ස්පගේටි ස්වල්පයක් ගෙන ස්වල්පයක් ගෙන පිඟාන මත වටේට සිටින ලෙස අතුරා ඒ මතට සෝයා මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා කැමතිනම් ඒ මතට ගාගාත් චීස් ස්වල්පයක් ඉස උනුවෙන් පිළිගන්වන්න.

 

chef



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here