නියෝජ්‍ය ඇමැති ජපන් යුධ නෞකාවක් නිරීක්ෂණය කරයි

0
2

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුන් ඊයේ (28දා) සන්ධ්‍යාවේ කොළඹ වරායට ළඟා වූ ජපාන යුධ නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගී වූහ.

මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ජපාන සාගර ස්වයංආරක්‍ෂක බලකායට අයත් ඩීඪී 108 නෞකාව ඊයේ උදෑසන ශ්‍රී ලංකාවට සේන්දු විය. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සහ නෞකාවේ අණදෙන නිලධාරී විසින් නෞකාව නැරඹීමට පැමිණි සම්භාවනීය අමුත්තන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර නෞකාවේ පැවති උත්සවය අමතමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා වෙරළාරක්‍ෂක හැකියාවන් ඉහළ නැංවීම සඳහා මෙන්මල මත්ද්‍රව්‍ය ජාවාරම සහ අනෙකුත් ජාත්‍යන්තර අපරාධ මැඩලීම සඳහා ජපාන රජය විසින් ලබා දෙන දිගුකාලීන හා අඛණ්ඩ සහයෝගය පිළිබඳව සිය ප්‍රශංසාව පළ කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here