නියුටෙලා කේක් නිවසේදී සාදා ගන්නා ආකාරය

0
11


නියුටෙලා කියන්නේ අපි හැමෝම කැමති කෑමක්.ගෑවුණු තැන කන්න පුලුවන් නියුටෙලා වලින් රසම රස කේක් එකක් ගෙදරදීම හදා ගන්න පුලුවන් නම් ඒක අපූරු දෙයක් නේද?

එහෙනම් අපි අද රසවත් නියුටෙලා කේක් එකක් හදා ගමු.

අවශ්‍ය දේවල්

  • කේක් පිටි කෝප්ප 3
  • සීනි කෝප්ප 3
  • කොකෝවා පවුඩර් කෝප්ප 1 1/2
  • බේකින් සෝඩා තේ හැදි 1
  • බේකින් පවුඩර් තේ හැදි 1 1/2
  • ලුණු තේ හැදි 1 1/2
  • බිත්තර 4
  • දියකර ගත් බටර් කෝප්ප 1 1/2
  • උණු වතුර කෝප්ප 1 1/2
  • එළවළු තෙල් කෝප්ප 1/2
  • වැනිලා තේ හැදි 2

නියුටෙලා අයිසින් මිශ්‍රණයට

  • නියුටෙලා කෝප්ප 1 1/2
  • මෝරු කෝප්ප1/2
  • මෘදුවට දිය කරගත් බටර් කෝප්ප 1/2
  • කුඩු කරගත් සීනි තේ හැදි 5

සාදා ගන්නා ආකාරය

  • උදුන සෙල්සියස් අංශක 350 ට රත් කර ගන්න.
  • පිටි, සීනි,  කොකෝවා කුඩු, බේකින් සෝඩා, බේකින්  පවුඩර් සහ ලුණු එකට මිශ්‍ර වන තුරු බීට් කරන්න.
  • ඊළඟට බිත්තර, බටර්, උණුසුම් ජලය, එලවළු තෙල් සහ වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර වන තුරු බීට් කරන්න.
  • ඒ මිශ්‍රණය කේක් තැටි තුනකට දමා විනාඩි තිස් පහක් පමණ බේක් කරන්න.
  • ටූත් පික් එකක් ගසා හොඳින් බේක් වී ඇත්නම් අවන් එකෙන් පිටතට ගන්න.
  • විනාඩි දහයක් පමණ කේක් තැටිවලම සිසිල් වන්නට ඉඩ හරින්න.
  • ඉන්පසු ක්‍රීම් චීස් හා බටර් ගසා ගන්න.
  • එයට මෝරු සහ නියුටෙලා එක් කර බීට් කර ගන්න.
  • හොඳින් බීට් වූ පසු බ්ලෙන්ඩ් කරගෙන තිබූ සීනිද එක් කරන්න
  • සියල්ල ඝන දියරයක් වන තුරු බීට් කර ගන්න.
  • තැටි වලින් කේක් පිටතට ගෙන කේක් එකක් මතින් නියුටෙලා දියරය වත් කර ගන්න.
  • අනෙක ඒ මත තබා ඊළඟ ලේයර් එක දමා ගන්න.
  • කේක් තට්ටු තුන ඒ ආකාරයට තබා ඒ මතට නියුටෙලා මිශ්‍රණය දමා ගන්න.
  • පැය හයක් පමණ ශීතකරණයේ තබා ආහාරයට ගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here