ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල පහත් බස් රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මේ සඳහා බස් රථ 10ක් මිලදී ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය මේ වන විට පිරිනමා ඇති අතර,එළැඹෙන 15 වැනි දින වන විට එම බස් රථ මෙරටට ලැබීමට නියමිතය.
එම බස් රථ ධාවනය සහ නඩත්තු සඳහා අවශ්‍ය වන භෞතික යටිතල පහසුකම් හා ඩිජිටල් යටිතල පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හැකියාවක් නොමැති බව පෙනී ගොස් ඇති බැවින් එම බස් රථ ප්‍රවාහනය නවීකරණය සඳහා වන මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණයන් සහිත බස් රථ 100ක් කොළඹ නාගරික ප්‍රදේශය තුළ මගී ප්‍රවාහනය සඳහා යෙදවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය වසරේ ජූලි 21 වැනි දින ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ස්ථාපිත කර ඇති ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිස්ට් (පුද්ගලික) සමගාම වෙත අදාළ බස් රථ 10 පවරා දීමට නියමිතය.
ඒ අනුව එම බස් රථ සහ ඒවායේ මෙහෙයුම් කටයුතු එම සමාගම යටතේ ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
Saru News








