නිමේෂ් සත්සරගේ මෘත දේහය නව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දින දෙයි

0
18


වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීනේ පසුව මරණයට පත් වූ නිමේෂ් සත්සර නැමති තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරීම සඳහා ලබන 23 වනදා ගොඩගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

මෙම මෘත දේහය මේ මස 23 වනදා ගොඩගැනීමට අවසර දෙන ලෙසට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉල්ලීමක් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා.

ඒ අනුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මෘත දේහය ගොඩගන්නා අවස්ථාවේදී අවශ්‍ය සහාය ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා බදුල්ල මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා

නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ත්‍රි පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය නඩු දිනයේදී කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළා.

ඒ අනුව අදාළ වෛද්‍ය කමිටුව පත් කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here