නිධානයක් බවට සැක තෙල් මුට්ටි තුනක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

0
11

නිධානයකින් ලබාගත් පුරාවස්තු ලෙස සැක කෙරෙන, කැටයම් සහිත කළු ගලින් නිර්මාණය කරන ලද විවිධ හැඩයේ මංජුසා තුනක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කළ වැටලීමක දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මංජුසා තුන මොරටුවේ ප්‍රසිද්ධ හෝටලයකදී, කෝටි 15කට විකිණීමකට සැලසුම් කර ඇති අතර ඒවා විකිනීමට සූදානම් කර තිබියදී මෙලෙස පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම මංජුසා තුන ඇතුළත විශාල වටිනාකමක් සහිත තෙල් වැනි ද්‍රාවණයක් ඇති බවත් ඒවා නොයෙකුත් වෙදකම්වලට යොදාගන්නා බවටත් කරුණු අනාවරණය වී ඇති බව සදහන් වේ.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here