නිධන්වලින් ලබාගත් රත්‍රං අලෙවිකරන බව පවසා ජනතාව රවටන ජාවාරම්කරුවන් පිළිබඳ ‘අද දෙරණ’ උකුස්සා පසුගිය දිනක රට හමුවේ අනාවරණ කළේය.
එම අනාවරණයත් සමඟ රටේ ප්‍රදේශ රැසක මෙම ජාවාරමට හසු වූවන් අද දෙරණ උකුස්සාට මෙවන් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදී තිබුණි.
ඉන් හැඟී ගියේ නිසි පාඩම් ඉගෙන නොගත් තවත් ජාවාරම්කරුවන් රැසක් නිදැල්ලේ සිටින බවය.
ඒ අනුව මරදන්කඩවල පොලීසියට එලෙස ලැබුණු තොරතුරක් මත ‘අද දෙරණ’ උකුස්සා එම නිලධාරින් සමඟ එක්ව විමර්ශනයක් ආරම්භ කළේය.
නිධානයකින් ලබාගත් දුර්ලභ රන්කාසි තොගයක් ඇති බව පැවසූ ජාවාරම්කරු සමඟ අප හිතවත්කමක් ගොඩනගා ගත්තේ අපට එම කාසි මිලට ගැනීමට අවශ්‍ය බව පවසමින්ය.
ඒ අනුව ඔහුව මරදන්කඩවල ප්‍රදේශයට ගෙන්වා ගැනීමට ‘අද දෙරණ’ උකුස්සා සූක්ෂම වුණි.
කෝල් රෙකෝඩින් – ”ඔයා එන්නකො මරදන්කඩවලට. අපි ඉන්නවා”
ඒ අනුව එලෙස අපට රන්කාසි විකුණන බව පැවසූ ජාවාරම්කරු හමුවීම සඳහා ‘අද දෙරණ’ උකුස්සා එම ස්ථානයට ගියේ මරදන්කඩවල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මදුසංඛ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් ද සමඟින්ය.
ජාවාරම්කරු සතුව තිබූ කාසි බැලූ බැල්මටම සත්‍ය රන්කාසි ලෙස දිස් වුවත් ඒවා ව්‍යාජ බව වටහා ගැනීමට පොලිස් නිලධාරින්ට වැඩි වේලාවක් ගතවූයේ නොමැත.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ජනතාව රවටා මුදල් වංචාකරන මෙවන් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අද දෙරණ උකුස්සා සීරුවෙන්.
Saru FM Media