රාත්‍රී සුව නින්ද නීරෝගීමත් දිවියක් සඳහා ඉතාමත් වැදගත්. ඔබ ගන්නා ආහාරපාන ඔබගේ නින්ද සඳහා බලපානවා. මෙනිසාම ඔබ පරිභෝජනය කරන දෑ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. නිදාගන්න අපහසු නම් ඒ සඳහා බෙහෙත් පෙති කරා යොමු නොවී වෙනත් විකල්ප සඳහා යොමු වීම සුදුසු නොවේ ද? මේ එවැනි පානයක් –
අවශ්‍ය ද්‍රව්‍ය –
සාදන අයුරු –
කිරි ටික කුඩා සාස්පානකට එක් කර මද ගින්නේ තබන්න. එයට කුළු බඩු ටික එකතු කරන්න. හොඳින් කලවම් කරන්න. තරමක් රත් කරගත් පසු ලිපෙන් ඉවත් කර ගන්න. කෝප්පයකට දමා මී පැණි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. නින්දට පෙර පානය කරන්න.
මේ සඳහා එළ කිරි නොවන වෙනත් ඔබ කැමති කිරි වර්ගයක් භාවිතා කරන්න. මෙහි ඇති කහ ඔබගේ කාංසා මට්ටම අඩු කිරීමට උපකාරී වනවා පමණක් නොව, වඩා හොඳ තත්ත්වයේ නින්දක් ලබා දෙනු ඇත. ඔබට සුව නින්දක් සලසා ගැනීමට මෙම රසවත් පානය උපකාරී වේදැයි බලන්න.
– කල්හාරී –
Saru FM Media