නිතර නියපොතු කන පුරුද්ද වලක්වා ගන්නේ මෙහෙමයි

0
10


ඔබත් ආතතියෙන් , කනස්සල්ලෙන් හෝ කම්මැලිකමෙන් ඉන්න වෙලාවට නියපොතු කන කෙනෙක්ද? බොහෝ දෙනෙකුගේ පුරුද්දක් බවට පත්වෙලා තියෙන මේ නියපොතු කන එක පසුකාලීනව බොහෝ අහිතකර ප්‍රතිඵල ගෙන එනවා. සෞඛ්‍යවේදීන් සහ පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට බොහෝ දෙනකු මේ ආකාරයට නියපොතු කෑම පුරුද්දක් බවට පත්කරගෙන තිබෙන්නේ ආතතිය, කාංසාව , කම්මැලිකම , චිත්තවේගීය පීඩාවන් සහ එදිනෙදා වැඩ කිරීමට උත්තේජනයක් නොතිබීම වැනි හේතූන් මතයි. විවිධ ආසාදන සහ සනීපාරක්ෂක ගැටලු බොහෝමයකට හේතු වන මේ නියපොතු කෑම නතර කර ගන්න ආකාරය අපි බලමු.

ඔබ නියපොතු සපා කෑමේ පුරුද්ද නතර කර ගැනීමට උත්සාහ කරන අයෙක් නම් ඔබ කළ යුතු පළමු දේ වන්නේ ඔබ සාමාන්‍යයෙන් නියපොතු සපා කෑමෙහි නිරත වන වේලාවන් සහ අවස්ථාවන් මොනවාදැයි හඳුනා ගැනීමයි.උදාහරණයක් ලෙස ඔබ රූපවාහිනිය නරඹන විට, පොතක් කියවන විට හෝ රැකියාවෙහි නිරත වන විට නියපොතු කෑමෙහි නිරත වෙනවාදැයි මතක් කර බලන්න. එසේ නම් ඔබ කළ යුතු වන්නේ ඔබ එම ක්‍රියාකාරකම් වන නිරත වන පරිසරය වෙනස් කර බැලීමයි.  ඔබ නිදන කාමරයෙහි පොතක් කියවනවා නම් අන් අය ගැවසෙන ස්ථානයකට ගොස් එම ක්‍රියාවෙහි නිරත වීමට උත්සාහ කරන්න. අන් අයගේ අවධානය ඔබ වෙත යොමුවන විට ඔබ නියපොතු කෑම නතර කිරීමට පෙළඹීමට ඉඩ ඇත.

ඔබේ නියපොතු දිගු වන තරමට ඔබ නියපොතු කෑමෙහි නිරත වන ප්‍රමාණය වැඩි වෙනවා.ඒ නිසා සෑම විටම ඔබේ නියපොතු කෙටි කර තැබීමට වගබලා ගන්න.දිගු නියපොතුවල අපද්‍රව්‍ය රැඳෙන අතර ඔබ නියපොතු සපා කෑමේදී එම අපද්‍රව්‍ය ඔබේ ශරීරයට ඇතුළු වී ඔබට සෞඛ්‍යමය ගැටලු ඇතිවීමට හැකියාව තිබෙනවා. ඒ නිසා කෙටි නියපොතු පවත්වාගෙන යෑම සෑම අතින්ම ඔබට ඵලදායී වෙනවා.

නියපොතු සපා කෑම නතර කිරීමට වඩාත් පොදු ක්‍රමයක් ලෙස මෙය සැලකෙනවා.බොහෝ නිය ආලේපන තරමක් සැර සුවඳකින් සහ කටුක රසයකින් යුක්ත වනවා. ඔබ වැරදීමකින් හෝ නියපොතු කෑ අවස්ථාවක එම කටුක රසය ඔබට දැනී ඇති. ඔබ නියපොතු කෑම වළක්වා ගැනීමට අදහස් කරනවා නම් ඔබට මේ ක්‍රමය අත්හදා බලන්නට පුළුවන්.

ඔබ රූපලාවන්‍යාගාරයකට ගොස් තරමක මුදලක් වැය කර manicure එකක් හෝ pedicure එකක් කරගත් විට ඔබ ඔබේ නියපොතු පිළිබඳව මොනතරම් සැලකිලිමත් වෙනවාද ? ඔබ ඔබේ නියපොතු ලස්සන කර ගැනීම සඳහා අධික මුදලක් වැය කර ඇති නම් එම නියපොතු කිසිලෙසකින්වත් සපා කෑමෙන් විනාශ කර ගැනීමට කැමැත්තක් ඔබට ඇති වන්නේ නැති බවට සැකයක් නෑ.

ඔබ නියපොතු සපා කෑමේ පුරුද්දට දරුණු ලෙස ඇබ්බැහි වී සිටින කෙනෙක් නම් ඔබට මේ ක්‍රමය අත්හදා බලන්නට පුළුවන්.ඔබ නියපොතු සපා කළ අවස්ථාව හෝ වේලාව බලා අත්වැසුම් හෝ ප්ලාස්ටර් මගින් ඔබේ නියපොතු ආවරණය කර තබන්න. 

ඔබ නියපොතු කෑමෙහි නිරත වන විට ඔබට ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල නිතරම මතක් කරන්න. ඔබේ ඇඟිලි වලින් දුර්ගන්ධයක් හැමීමත් , විවිධ ආසාදන සහ සෞඛ්‍යමය ගැටලු ඇති වීමත් , අන් අය ඉදිරියේ ඔබ අපහසුතාවයට ලක්වීමට හැකි වීමත් විය හැකි බව නිතරම මතක් කිරීම මගින් ඔබට මේ පුරුද්දෙන් මිදීමට තරමක හෝ උනන්දුවක් ඇති විය හැකියි.

මේ ක්‍රම කිහිපය අත්හදා බැලීම මගින් ඔබටත් නියපොතු සපා කෑමේ නරක පුරුද්ද අත්හැර ගන්නට පුළුවන්. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here