අපි කවුරුත් ඔෆිස් ගියාම වැඩිපුර ඉන්නෙ ඒසී එකේ. දවසේ වැඩිකාලයක් ඒසී එකේ ඉන්නකොට ඉක්මනින්ම සම වියළීමකට ලක්වෙන්න බලනවා. ඒ වගේම තමයි තොල් පැලීම් උනත් ඇතිවෙන්න පුලුවන්. ඉතින් නිතරම ඒසී එකේ ඉන්න , සම ගැන හිතන කෙනෙක් නම් ඔයා ඔයාට මේ ලිපිය හුඟක් වැදගත් වේවි. අද අපි කියලා දෙන්නේ ඒසී එකේ ඉන්න ඔයාගේ සම රැකගන්න උදව් වෙන ටිප්ස් ටිකක්.
සම වියළීම වලක්වා ගන්න දිනකට දෙතුන් වතාවක්ම අත් පා වල මොයිස්චරයිසර් ගැල්වීමෙන් ඒසී එකෙන් සමට වෙන හානිය ගොඩක් දුරට වළක්වා ගන්න පුලුවන්. ඒ වගේම මුහුණටත් සැලකිල්ලක් දක්වන්න ඕන. මේකප් කරන්න කලින් මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කරලා මේකප් කලොත් ඔයාට ඔයාගේ සම රැකගන්න පුලුවන්.
ඒවගේම සම වියළීමත් එක්ක තොල් පැලෙන්න බලන්ව. ඒකට විසදුමක් විදිහට හොඳ ලිප් බාම් එකක් යූස් කරන එකත් පුරුද්දක් කරගන්න.
ඒසී එකේ ඉන්න කොට සම වියලෙනවා වගේම අපේ ශරීරයත් විජලනයට පත්වෙනවා. ඒ නිසා අපේ ඇඟට වතුර හුඟක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් දවසට වතුර ලීටර් තුනක් වත් බොන්න ඕන. දවසම ඒසී වල ඉන්නවා නම් නොවරදවා ඒ තරම්ම වතුර ප්‍රමාණයක් බොන්න උත්සහ කරන්න. සාමාන්‍ය වතුර වගේම Detox water බොනවා නම් ඒකත් ඇඟට හුඟක් හිතකරයි. Detox water හදාගන්න විදිහ අපි ඔයාට කලින් කියලා දුන්නා මතකයිනේ.
පිටතින් විතරක්ම සම රැකගන්න කටයුතු කරලා වැඩක් වෙන්නේ නැහැ. අපි ඇතුලතින්ම සම පෝෂණය කරන්න ඕන. එදිනෙදා ඔබේ ආහාර වේලට එළවළු , පලතුරු එකතු කරගන්න එක ගොඩක් වැදගත්. ඒසි එක නිසාම සම වියළිලා යන එක වළක්වා ගන්න සමේ පැහැපත් බව රැකගන්න සෞඛ්‍යමත් ව ජීවත්වෙන්න ඒ වගේ ආහාර රටාවක් ඔයාට වැදගත් වෙනවා.
මේක නම් ඔෆිස් වල වෙන්නෙම නැති දෙයක්. හැබැයි ගෙදරක නම් කරන්න පුලුවන්. ඒසි එක එලියට යන නිසා අපි හැම වෙලේම කාමරවල ජනෙල් සීල් කරලා තියෙනවානේ. ඒත් කාමරයෙන් පොඩ්ඩක් එලියට යනකොට ඒසී එක ඕෆ් කරලා ඉදලා හිටලා හරි ජනෙල් පොඩ්ඩක් ඇරියොත් එළියේ පිරිසිදු හා නැවුම් වාතය ඇතුළට ඇවිල්ලා ආර්ද්‍රතාව සමතුලිත කරනවා. ඒ වගේම නැවත කාමරයට ආවම ඒසී එක ඔන් කරල කවුළුව වහලා දාන්න.
පැයකට සැරයක්වත් පොඩ්ඩක් නැගිටලා ඒසී නැති තැනකට ගිහින් එන්න පුලුවන් නම් ඔයාගෙ සමට වෙන හානිය අවම කරගන්න පුලුවන්. ඒ වගේම ඒසී එකේ ඉදලා අව්වට යනවා නම් සන්ක්‍රීම් එකක් භාවිත කරන්න. සාමාන්‍ය සීතල කාලගුණයක් තියෙන දවස් වලට ඒසී එක නැතුව ඉන්න.
ඉතින් මෙන්න මේ විදිහට වැඩ කළොත් ඔයාටත් ඒසී එක නිසා ඩැමේජ් වෙන සම රැකගන්න අවස්ථාව ලැබේවි.
Saru FM Media