නෑගම් යන ජනතාව වෙනුවෙන් පෞද්ගලික බස් රථ සියයට 40ක් අද ධාවනයේ

0
17


නෑගම් යන ජනතාව වෙනුවෙන් අද දිනයේ බස් රථ සියයට 40ක් පමණ ධාවනයට එක් කරන බව පෞද්ගලික බස් සංගම් පවසනවා. 

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය සිය සේවක මහතුන් යළි සේවයට වාර්තා කිරීමට නියමිතව ඇත්තේ ලබන 17 වනදා බවයි. 

ඒ අනුව ලබන 18 වනදා සිට පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කිරීමට හැකි බවද ඔහු පැවසුවා.

Neth Sound · BUS GEMUNU 01

මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පැමිණීම සදහා ලබන 16 වනදා සිට සිය බස් රථ ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. 

කෙසේවෙතත් මගීන්ගේ අවශ්‍යතාවය පරිදි අද දිනයේ ද යම් බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට මේ වන විටත් සැලසුම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න මහතා පැවසුවේ. 

Neth Sound · CTB JEEWAKA 01

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ග භාවිත කිරීමේදී සිය වාහනය සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. 

එමෙන්ම කාලගුණ තත්ත්වය අයහපත් අවස්ථාවලදී ලබාදී ඇති උපදෙස් පිළිපදින ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු හා මෙහෙයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර් ඒ ඩී කහටපිටිය මහතා ඉල්ලීමක් කළා.

Neth Sound · RDA KAHATAPITIYA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here