නිශ්මං රණසිංහ ,මාර්තු 30, කොළඹ LNW:
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන සිව්දින සුපර් ලීගය සඳහා අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයින් හය දෙනෙකු කැඳවා තිබෙනවා.කොළඹ,මහනුවර,ගාල්ල සහ දඹුල්ල ලෙස නම් කර ඇති කණ්ඩායම් හතරෙන් දෙකකට අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයින් දෙදෙනා බැඟීන් ඇතුළත් කර තිබෙනවා.ඒ කොළඹ,ගාල්ල කණ්ඩායම්වල සංචිතවලට වන අතර වැඩිම 19 න් පහළ ක්‍රීඩකයින් ප්‍රමාණයක් එක් කර ඇති මහනුවරට තිදෙනෙකු යොදා තිබෙනවා.එහෙත් දඹුල්ල කණ්ඩායමට ඇතුළත් කර තිබෙන්නේ එක් ක්‍රීඩකයෙකු පමණයි.
මෙම කාරණය අගය කළ යුතු අතර තව දුරටත් ඔවුන් තරුණ ක්‍රීඩකයින් සහ අත්දැකීම් ඇති ක්‍රීඩකයින් මිශ්‍ර කිරීමට උත්සාහ කළානම් එය තවත් වැදගත් වනු ඇත. ඒ මෑත කාලීනව තවත් 19 න් පහළ ක්‍රීඩකයන් විශාල පිරිසක් මේ වන විට නිර්මාණය වෙමින් තිබෙන බැවින්ය. ඒ නිසා අවශ්‍යය මොහොතකට කැඳවීමට තවත් 19 න් පහළ ක්‍රීඩක ගොන්නක් පෙළ ගස්වා තැබිය හැකි පොදු සංචිතයක් හෝ රඳවා තැබිය හැකිනම් එය එම පරම්පරාවට ආඩම්බරයට සහ විශ්වාසයට වැදගත් වනු ඇත.රාජකීය විද්‍යාලයේ දහස්ලාභි රෙහාන් පීරිස්,ආනන්දයේ දනිදු සෙල්ලප්පෙරුම,කොළඹ නාලන්දයේ නෙමිදු අක්මීමන,කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ජේඩ්න් අමරවීර වැනි ක්‍රීඩකයෝ ඇතුළු තවත් පිරිසක් මේ සඳහා සුදුස්සෝ වෙති.
ගාල්ල කණ්ඩායම වෙනුවෙන් කොළඹ මහානාම විද්‍යාලයේ දුල්නිත් සිගේරා සහ මහනුවර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ විරාන් චමුදිත ඇතුළත්ව සිටිනවා.කොළඹ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට කවිජ ගමගේ සහ සෙත්මික සෙනවිරත්න කැඳවා තිබෙනවා.දෙදෙනාම මහනුවර පාසල්වල ක්‍රීඩකයින් වන අතර කවීජ කිංස්වුඩ් විද්‍යාලය ද,සෙත්මික ත්‍රිත්ව විද්‍යාලය ද නියෝජනය කරනවා.
මහනුවර කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් තිදෙනා වන්නේ කොළඹ මහානාම විද්‍යාලයේ චාමික හීනටිගල,මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඩිමන්ත මහවිතාන සහ යාපනය මහා විද්‍යාලයේ විග්නේෂ්වරන් ආකාශ් එම තිදෙනායි.දඹුල්ලට ඇතුළත් ව සිටින එකම ක්‍රීඩකයා වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයේ හිමාල් රවිහංස යි.
කණ්ඩායම් හතරේ නායකයන් වන්නේ ධනංජය ද සිල්වා (දඹුල්ල),චරිත් අසලංක (දඹුල්ල),පසිඳු සූරියබණ්ඩාර (ගාල්ල) සහ ෂෙහාන් ආරච්චිගේ (මහනුවර) යන සිව් දෙනායි.
පහතින් දක්වා ඇත්තේ එම කණ්ඩායම් හතරට අයත් සංචිතවල සාමාජිකයන්ය.
ගාල්ල
- ඕෂද ප්‍රනාන්දු
- සධීර සමරවික්‍රම
- නිපුන් ධනංජය
- දිනේෂ් චන්දිමාල්
- නිරෝෂන් දික්වැල්ල
- අහන් වික්‍රමසිංහ
- පසිඳු සූරියබණ්ඩාර – නායක
- රමේෂ් මෙන්ඩිස්
- දුල්නිත් සිගේරා (19 න් පහළ)
- මුදිත ලක්ෂාන්
- දිලුම් සුදීර
- විජයකාන්ත් වියස්කාන්ත්
- ඩිල්ෂාන් මධුශංක
- අසංක මනෝජ්
- ඉසිත විජේසුන්දර
- උදිත් මධුෂාන්
- විරාන් චමුදිත (19 න් පහළ)
- කෙවින් පෙරේරා
- කේෂර නුවන්ත
- නිම්සර අතරගල්ල
- මිලාන් රත්නායක
කොළඹ
- අවිශ්ක ප්‍රනාන්දු
- රවිඳු රසන්ත
- කවිජ ගමගේ (19 පහළ)
- ධනංජය ලක්ෂාන්
- රනේෂ් සිල්වා
- චරිත් අසලංක – කපිතාන්
- ජනිත් ලියනගේ
- ශාරුජන් ෂන්මුගනාදන්
- දුෂාන් හේමන්ත
- කවිශ්ක අංජුල
- ප්‍රභාත් ජයසූරිය
- නිශාන් පීරිස්
- කසුන් රාජිත
- ප්‍රමෝද් මධුෂාන්
- නිපුන් ප්‍රේමරත්න
- චමෝද් බැටේජ්
- තරිඳු අමරසිංහ
- සෙත්මික සෙනෙවිරත්න (19 පහළ)
- සංදීප පෙරේරා
- දුවිඳු තිලකරත්න
- නුවනිදු ප්‍රනාන්දු
දඹුල්ල
- ලසිත් කෲස්පුල්ලේ
- නිශාන් මධුෂ්ක
- තනුක දාබරේ
- සහන් කෝසල
- ධනංජය ද සිල්වා – නායක
- කවීන් බණ්ඩාර
- අක්රම් මුතාලිබ්
- අංජල බණ්ඩාර
- විශාද් රන්දික
- රවීන් ද සිල්වා
- ලහිරු සමරකෝන්
- ශක්ති උදාර
- අකිල ධනංජය
- අසිත ප්‍රනාන්දු
- විශ්ව ප්‍රනාන්දු
- මොහොමඩ් ශිරාස්
- ධනුජ ඉඳුවර
- කවිඳු පතිරත්න
- චමිඳු වික්‍රමසිංහ
- දසුන් ශානක
- හිමාල් රවිහංස (19 පහළ)
- පවන් රත්නායක
- සොනාල් දිනුෂ්
මහනුවර
- ලහිරු උදාර
- නවෝද් පරණවිතාන
- පවන්ත වීරසිංහ
- චාමික හීනටිගල (19 පහළ)
- සොහාන් ද ලිවේරා
- අශේන් බණ්ඩාර
- සහන් ආරච්චිගේ – නායක
- රවිඳු ප්‍රනාන්දු
- චාමික කරුණාරත්න
- වනුජ සහන්
- ජෙෆ්රි වැන්ඩර්සේ
- තරිඳු රත්නායක
- ලහිරු කුමාර
- ශිරාන් ප්‍රනාන්දු
- දුලාජ් සමුදිත
- ෂම්මු අශාන්
- විග්නේෂ්වරන් ආකාෂ් (19 පහළ)
- කවිඳු දිල්හාර
- චාමික ගුණසේකර
- දීමන්ත මහවිතාන (19පහළ)
- කාංචනා ද ලිවේරා
- කමිල් මිෂාර


The post නැෂනල් සුපර් ලීගයට 19 න් පහළ හයක් – තවත් ඉඩ දුන්නානම් වැදගත් appeared first on LNW Sinhala.
Saru News













