නැව් 8න්ම ගෙනා ගල් අගුරු බාලයි – සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

0
2

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:නව ටෙන්ඩරය යටතේ දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර තිබෙන ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බධයෙන් ප්‍රශ්නයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

දකුණු අප්‍රිකාවෙන් ගල් අඟුරු නැව් 25ක් ඇනවුම් කර ඇති බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ.

වාර්ෂිකව අප රටට ගල් අගුරු නැව් දළ වශයෙන් 36-38ක් අවශ්‍ය බවත් දැනට රුසියානු ගල් අගුරු නැව් 11 පැමිණ ඇති අතර එම රුසියන් ගල් අගුරුවල ගැටලුවක් නොමැති වුවත් අලුත් ටෙන්ඩරය යටතේ ගෙන ආ දකුණු අප්‍රිකාවේ ගල් අන්ගුරුවල ප්‍රමිතිය ප්‍රශ්න සහගත බවයි ඔහු පෙන්වා දුන්නේ.

ගල් අගුරු ගොඩබෑ හැක්කේ සැප්තැම්බර් – අප්‍රේල් සිට වාරකන් නොවන කාලයේ බවත් අප්‍රේල් මාසයේ නිකුත් කර මේ ටෙන්ඩර් වැඩකටයුතු අවසන් වුවත් මෙවර ගල් අගුරු ටෙන්ඩරය අප්‍රේල් – සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මක කිරීමට තිබූ මොහොතක කැබිනට්ටුව ඒ තීන්දුව ප්‍රමාද වී ගත් බවට ආංශික අධික්ෂණ කාරක සභාවේදී අනාවරණය වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

ඊට අමතරව ලියාපදිංචි සැපයුම්කරුවන්ගේ පිරිවිතර වසර 3ක කාලයක මිලියනයක ගල් අගුරු සැපයීම සුදුසුකම වුවත් එය ලක්ෂයකට අඩුකර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝර්ඩ්පෝර්ට් ‌රිපෝර්ට්, ඩිස්චාර්ජ්, නොරොච්චෝලේ රිපෝට් ගැන පැවසුවා හරියටම ප්‍රමිතියෙන් යුක්ත ගල් අගුරු ගෙනාවද නැද්ද යන්න බොයිලේරුවේ දහනයෙන් තත්‍යකාලීනව විදුලිය හරියට නිෂ්පාදනය වූවාද කියා දැනගත හැකි බවයි හෙතෙම පැවසුවේ.

බොයිලේරුවේ දහන වාර්තාව කාටවත් හොරකම් කළ නොහැකි හෙයින් එය ස්වයංක්‍රීයව ජනනය වන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන ලදී.

එක් යුනිට් එකකින් මෙගාවොට් 300 බැගින් යුනිට් 3කින් 900ක් නිපදවිය හැකි බවත් පසුගිය වසර 10 තුළ මේ සෑම එකකයක්ම මෙගාවොට් 300 ගානේ 900ක් නිපදවුවත් ප්‍රහ්න සහගත ගල් අඟුරු භාවිතයේදී බොයිලේරු දහන වාර්තාව අනුව පෙන්නුම් කරන්නේ නැව් 8ම බාල ගල්අගුරුවලින් යුක්ත බව යි තමන් වගකීමෙන් පවසන බවද විපක්ෂ නායකයා කියා සිටියේය.

ඒ අනුව පළමු නැව මෙගාවොට් 285, දෙවැනි නැව මෙගාවොට් 290, තුන්වැනි නැව මෙගාවොට් 260, හතරවැනි නැව මෙගාවොට් 295, පස්වැනි නැව මෙගාවොට් 285ක්, 6 වැනි නැව 270ක්, 7 වැනි නැව 275ක් සහ 8 වැනි නැව මෙගාවොට් 255ක් නිපදවා ඇති බවත් පවතින දත්ත අනුව නැව් 8ම බාල ගල් අගුරු ඇති බවට පෙනී යන බව හෙතෙම තවදුරටත් පැහැදිලි කරන ලදී.

ඒ අනුව මෙම කාරණය සම්බන්ධයෙන් පැහැදිලි විවෘත පරීක්ෂණයක් සිදුකර සිදුව ඇති දුෂණය පිළිබඳ අනාවරණය කරගත යුතු බව විපක්ෂ නායකයා අවධාරණය කළේය.

The post නැව් 8න්ම ගෙනා ගල් අගුරු බාලයි – සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here