රෂිකා හෙන්නායක මාර්තු 05, කොළඹ LNW :
ජාත්‍යන්තර මුහුදු සීමාවන් තුළ පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයෙන් බැහැර නොවන ලෙස ධීවර අමාත්‍යවරයා මෙරට ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.
ඇමෙරිකානු ප්‍රහාරයක් හේතුවෙන් ඉරාන යුද නෞකාවක් විනාශ වීමත් සමඟ එම කලාපයේ මේ වන විට විශේෂ සොදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
මෙම නාවික ආතතිය හේතුවෙන් ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මූලික අරමුණ වී ඇත.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ විදේශීය මුහුදු සීමාවලට ඇතුළු වීමෙන් පවතින අවදානම ඉහළ බවයි.
එබැවින් නැවත දැනුම් දෙන තුරු තමන්ට හිමි සීමාවන් තුළ පමණක් රැඳී සිටින ලෙස සියලුම ධීවරයින්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටී.
The post නැවත දැනුම් දෙන තුරු තමන්ට හිමි මුහුදු සීමාවන් තුළ පමණක් රැඳී සිටින්න – ධීවර ඇමති appeared first on LNW Sinhala.
Saru News















