මෙරට කාන්තාවන් සහ තරුණියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් පොහොසත් රටක් ගොඩනැගීමේ කාර්යභාර්යයට ගැහැනුන්ගේ කැපවීම සහ ශක්තිය එක්තැන්කරගන්නා ආණ්ඩුවක් බිහිකරගෙන ඇති අතර නැවත කිසි දිනෙක කාන්තාවන්ගේ කොන්ද කැඩීමට කිසිවෙකුටත් නොහැකි බව අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජිකා මොනාෂා ඕෂධී අවධාරණය කලාය.
ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක්වෙමින් ඇය වැඩිදුරටත් අවධාරණය කළේ, වයස අවුරුදු 21වන තමන් මෙවැනි සභාවක් ඇමතීම දක්වා ගොඩනැගී ඇති බවත් පෙර පැවති රජයන් යටතේ දේශපාලන බලව උපයෝගී කරගෙන තරුණ තරුණියන් 100 දෙනෙකු දූෂණය කර විදේශීය සංචාරක තරුණියක් දූෂණය කිරීමට සහ ඇයගේ පෙම්වතා මරා දැමීමට ඉඩ තිබූ පාලනයක් ගෙන ගිය බවය.
එවැනි ආකාරයෙන් ගිනි පෙනෙල්ලෙන් බැට අම්මලා තමන දූලා පුතාලා ගැන බියෙන සිටි යුගය අවසන් කිරීමට කාලය පැමිණ ඇතැයි ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
4
Saru News
















