Tuesday, May 6, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් නැතිවූ එල්ලේ පන්දුව සොයන අතරේ පඳුරුවලින් වසා තිබූ මළ සිරුරක් හමුවෙලා

නැතිවූ එල්ලේ පන්දුව සොයන අතරේ පඳුරුවලින් වසා තිබූ මළ සිරුරක් හමුවෙලා

0
8


a-body-was-found-hidden-in-bushes-while-searching-for-a-missing-elle-ball

මාවනැල්ල, මාලියද්ද ප්‍රදේශයේ ඇළක් අසල කුඹුක් ගහක් ආසන්නයේ මානා පඳුරුවලින් වසා දමා තිබූ මළ සිරුරක් අවුරුදු උත්සවයේ එල්ලේ ක්‍රීඩාවේ නිරත වූ තරුණයන් පිරිසක් නැති වූ පන්දුවක් සෙවීමට ගිය අවස්ථාවේදී හමු වී ඇති බව මාවනැල්ල පොලිසිය වාර්තා කරයි.

අප්‍රේල් 19 වන දින සවස් කාලයේදී මාවනැල්ල, මාලියද්ද, මොරගහඇළ ප්‍රදේශයේ වෙල්යාය අද්දර කුඹුක් ගහක් අසලින් මෙම මළ සිරුර සොයාගෙන ඇත.
පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ එම මළ සිරුර මාලියද්ද, මාකෙහෙල්වල පදිංචි රන්කොත්ගේ අශෝක හරිචන්ද්‍ර නම් වූ අවුරුදු 61ක් වයසැති විවාහක පුද්ගලයකුගේ බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කලුආරච්චි මහතාගේ උපදෙස් පරිදි විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී. අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේසිංහ, පොලිස් පරීක්ෂක සමන්, උප පොලිස් පරීක්ෂක ජයතිලක, සහ පොලිස් සැරයන් ධර්මසේන යන නිලධාරීන් විසින් විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.

තවද, කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් විසින් සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදු කර ඇත. සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, වැඩ බලන මහෙස්ත්‍රාත් රූපිකා සමරසේකර මහත්මිය විසින් සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදු කර, මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මළ සිරුර කෑගල්ල ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑමට නියෝග කර ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දැනට සිදු කෙරෙමින් පවතින අතර, ඝාතනයට හේතුව කුමක්ද යන්න සොයා ගැනීම සඳහා පොලිසිය විශේෂ අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here