නැගෙනහිර ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක ඇති වූ දැවැන්ත ගින්නකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම ගින්න කොල්කටා නගරයේ රිතුරාජ් හෝටලයේ හටගෙන ඇති බවත් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූවන් දෙදෙනකු අසාධ්‍යයව රෝහල්ගත කෙරුණා.
ගින්න පාලනය කළ ද තවමත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ගින්න ඇති වූයේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැති බවයි බීබීසී පුවත් සේවය වාර්තා කළේ.
සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය විශේෂ විමර්ශන කණ්ඩායමක් එක් කර තිබෙනවා.
Saru FM Media