නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා තුළ තිබී කිලෝග්‍රෑම් 280කට අධික මත්ද්‍රව්‍ය සොයා ගැනේ!

0
9

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW :

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් අද (25) අලුයම දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබූ බව වාර්තා වේ.

ඒ අනුව දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක තුළ තිබී කිලෝග්‍රෑම් 280කට අධික  මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 4,500කට අධික බව ද සඳහන් වේ.

මේ වනවිටත්, එම බහුදින ධීවර යාත්‍රාව තුළ ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය තවමත් ගණනය කරමින් පවතින බව, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කර සිටියේට.

නාවික හමුදාව පැවසුවේ, එම මත්ද්‍රව්‍ය තොගය ගණනය කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදෙන බවයි. පොලීසිය ලබාදුන් තොරතුරක් මත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ එක් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් පළමුව සිය භාරයට ගෙන තිබුණේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

නාවික හමුදාව පැවසුවේ, එහිදී එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් පස් දෙනෙකු ද සිය භාරයට ගත් බවයි.ඉන් අනතුරුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු සහ සන්නිවේදන උපකරණ නාවික හමුදා භාරයට ගෙන තිබුණි.

පොලීසිය සැක පළ කරන්නේ, අදාල මත්ද්‍රව්‍ය තොගය සෙහාන් සත්සර නොහොත් “දෙහිබාලේ මල්ලි” නැමැත්තාට අයත් බවටයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here