නාවිකයන් 20,000ක් හිර වෙලා – Saru News | සිංහල

0
2

හෝමූස් නාවික නාවික මාර්ගය වසා දැමීමත් සමඟ නාවිකයන් 20,000කට අධික ප්‍රමාණයක් සති තුනකට වැඩි කාලයක් පුරා හිර වී සිටින බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) පෙන්වා දී ඇත.

ඉරානය විසින් සීමිත නාවික ප්‍රවාහනයකට පමණක් එම කලාපයේ අවසර දී තිබෙන අතර, වෙළඳ නැව් 2,000ක් පමණ සිර වී ඇති බව එම සංවිධානය පෙන්වා දී තිබේ. මේ නිසා ලෝකයේ නාවික ගමනාගමනයට සිතා ගත නොහැකි තරමේ අභියෝගයක් එල්ල වී ඇති බව පෙන්වා දී ඇත.

නාවික යාත්‍රා 16කට ඉරානයෙන් ප්‍රහාර එල්ල කිරීම නිසා ජාත්‍යන්තර රක්ෂණ සමාගම් එම කලාපයේ ගමන් ගන්නා නැව්වලට රක්ෂණ ආවරණ ලබා දීමෙන් සම්පූර්ණයෙන් ම වැළකී සිටී.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here