නායිකාවන්ගේ දායකත්වය මුල් කර ගනිමින් කොළඹ උතුර සහ කළුතර බස්නාහිර පළාතෙන් ජයග්‍රහහණය ලබයි

0
2

නිශ්මං රණසිංහ ,මාර්තු 21, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනාගත කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සුබ සිද්ධිය වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන අවුරුදු 23 න් පහළ පළාත්වලට අදාළ අන්තර් දිස්ත්‍රික් අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගානලියේදී බස්නාහිර පළාත් තරගවලදි ගම්පහ කණ්ඩායම පරාජයට පත් කරමින් කොළඹ දකුණ කණ්ඩායම කඩුලු 7 ක ජයක් ලබා ගන්නට සමත් වුණා.කොළඹ උතුර කණ්ඩායම සහ කළුතර අතර තරගය තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී කළුතර කණ්ඩායම නියමිත පන්දු වාර 20 නිමාවීමට පන්දු 4 ක් තිබියදී කඩුලු 2 ක ජයක් ලබා ගන්නට සමත් වෙනවා.

ගම්පහ සහ කොළඹ කණ්ඩායම අතර පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගම්පහ කණ්ඩායම වෙනුවෙන් පන්දු 40 ට මුහුණ දී වැනීසා රොද්‍රිගෝ රැස් කළ ලකුණු 35 ක දායකත්වයත් සමඟ පන්දු ඕවර් 20 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 113 ක් රැස් කරන්නට ගම්පහ කණ්ඩායමට හැකි වුණා.ගම්පහ ඉණිමට බාධා කළ හොඳම පන්දු යැවීම සටහන් කළ දැහැමි සෙනෙත්මා ලකුණු 11 ට ගම්පහ කණ්ඩායමේ කඩුලු 2 ක් දවා ගත් අතර ඇයගේ නායකත්වය ද කැපී පෙණුනා.එසේම ඇය පන්දු 27 දී නොදැවී ලකුණු 28 ක් රැස් කරමින් දැක් වූ දායකත්වය නිසා 19 වන පන්දු ඒවරයේ අවසාන පන්දුවේදී කොළඹ දකුණ කණ්ඩායමේ ලකුණු පූවරුව කඩුලු 3 ට ලකුණු 114 ක් බවට පත් කරන්නටද හැකි වුණා.ඒ නිසාම ඇය අවිවාදිතව තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණා.

කොළඹ උතුර කණ්ඩායම සහ කළුතර කණ්ඩායම අතර පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුර කණ්ඩායම පන්දු වාර 20 නිමාවේ දී කඩුලු 7 ක් දැවී ලකුණු 106 රැස් කරනු ලැබුවා.වෙනුලි සත්නදී ලකුණු 31 ක් සහ අංක 7 පිතිකාරිණිය ලෙස පැමිණ ධනුජි ප්‍රනාන්දු නොදැවී රැස් කළ ලකුණු 27 හැරෙන්නට කොළඹ උථුර කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩිකාවකට සාර්ථක වන්නට ඉඩ ලැබුණේ නැහැ.පන්දු යැවීමේදී තස්මිලා රුවන්තාරකී ලකුණු 11 ට කඩුලු 2 ක් සහ නායිකා නවෝද්‍යා නෙත්මිණි ලකුණු 15 ට කඩුල්ලක් ලබා ගනිමින් දස්කම් දැක් වූවා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීාම්දී ලකුණු 18 ට කඩුලු 2 ක් දවා ගත් හිමේෂා පෙරේරා ඇතුළු කොළඹ උතුරු පන්දු යවන්නියන් .විශාල බලපෑමක් ඇති කළ ද,කළුතර කණ්ඩායමේ නායිකා නවොද්‍යා නෙත්මිණි පන්දු 33 න් ලකුණු 39 ක් ලබා ගනිමින් කොළඹ උතුර කණ්ඩායම ජයග්‍රහණය දෙසට තල්ලු කරමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද ඇගයිමට ලක් වුණා.

ඡායාරූපයේ වම්පසින් දැක්වෙන්නේ දැහැමි සෙනෙත්මා වන අතර දකුණු පසින් දැක්වෙන්නේ නවෝද්‍යා නෙත්මිණිය.

The post නායිකාවන්ගේ දායකත්වය මුල් කර ගනිමින් කොළඹ උතුර සහ කළුතර බස්නාහිර පළාතෙන් ජයග්‍රහහණය ලබයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here