පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අද (18) පස්වරු 4:00 සිට හෙට (19) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්රදේශ ආශ්රිතව මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්රික්කය සහ ප්රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
බදුල්ල දිස්ත්රික්කය:
– හල්දුම්මුල්ල
කළුතර දිස්ත්රික්කය:
– මතුගම
කෑගල්ල දිස්ත්රික්කය:
– අරණායක
– කෑගල්ල
– වරකාපොළ
රත්නපුර දිස්ත්රික්කය:
– ඉඹුල්පෙ
මේ අතර විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්රික්කය සහ ප්රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
බදුල්ල දිස්ත්රික්කය:
– බණ්ඩාරවෙල
– හපුතලේ
– ඌව පරණගම
– කන්දකැටිය
කොළඹ දිස්ත්රික්කය:
– පාදුක්ක
ගාල්ල දිස්ත්රික්කය:
– ඇල්පිටිය
කළුතර දිස්ත්රික්කය:
– වලල්ලාවිට
– බුලත්සිංහල
– දොඩංගොඩ
මහනුවර දිස්ත්රික්කය:
– ගගවට කෝරළය
– උඩුනුවර
– උඩපලාත
– තුම්පනේ
– පාතහේවාහැට
– උඩුදුම්බර
– ගග ඉහළ කෝරළය
– පස්බාගෙ කෝරළය
– යටිනුවර
කෑගල්ල දිස්ත්රික්කය:
– රඹුක්කන
– රුවන්වැල්ල
– මාවනැල්ල
– දැරණියගල
– යටියන්තොට
– ගලිගමුව
කුරුණෑගල දිස්ත්රික්කය:
– මාවතගම
– මල්ලවපිටිය
– රිදීගම
මොනරාගල දිස්ත්රික්කය:
– බිබළ
නුවරඑළිය දිස්ත්රික්කය:
– අඹගමුව
– හගුරන්කෙත
– වලපනේ
– කොත්මලේ
රත්නපුර දිස්ත්රික්කය:
– කිරිඇල්ල
– බලන්ගොඩ
– කලවාන
– කොලොන්න
– රත්නපුර
Saru FM Media









