පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අද (28) පස්වරු 4:00 සිට හෙට (29) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව, විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
ගාල්ල දිස්ත්‍රික්කය:
– නාගොඩ
– ඇල්පිටිය
– බදදේගම
මහනුවර දිස්ත්‍රික්කය:
– යටිනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය:
– කෑගල්ල
– මාවනැල්ල
– යටියන්තොට
– අරණායක
– දෙහිඹ්විට
– රඹුක්කන
රත්නපුර දිස්ත්‍රික්කය:
– කලවාන
– ඇහැළියගොඩ
– රත්නපුර
Saru FM Media











